Last Updated on June 22, 2021 by Desman Chathuranga
තෙල් මිල වැඩි වීමට තම පක්ෂය විරුද්ධ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. අමාත්‍යංශයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ විශාල සුඛෝපභෝගී වාහනවලටද එසේම යතුරුපැදිවලටද සමාන ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම සුදුසු නොවන බවයි.
මෝටර් සයිකල්, ත්‍රීවිලර් වැනි වාහන සහ ධීවරයන්ට සහනයක් දිය යුතු බවත්, සුඛෝපභෝගී වාහනවලට විශේෂ තෙල් බද්දක් නියම කිරීම ගැටලුවක් නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
“අපි කවුරු කවුරුත් මේකේ අමාරුව බර දරාගන්නවා නම්, අන්න ඒ පුළු පුළුවන් හැටියට රටේ ජනගහනය අතරේ මේ බර බෙදී යනවා නම්, එහෙනම් එකට අපි එකඟ වෙන්න පුළුවන්. එහෙම බෙදී යන ආකාරයට මෙම තෙල් මිල වැඩිවීම සිදුවී නොමැති නිසයි අපි මෙම වැඩිකිරීමට විරුද්ධ වන්නේ” “
“තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ අපේ පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ සම්පූර්ණයෙන් විරුද්ධයි. තෙල් මිල සම්බන්ධයෙන් අපගේ යෝජනාව වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට, මගී ප්‍රවාහනයට, මෝටර් බයිසිකල්වලට සහ ත්‍රිවීලර්වලට සහනදායී තත්ත්වයක් ඇති වන ආකාරයට මේ තෙල් මිල වැඩිකළ යුතුයි”
“ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන ආණ්ඩුවට අපි යෝජනා ඉදිරිපත් කරනවා. ඒ යෝජනා අතර ප්‍රමුඛ වන්නේ ධීවරයන්ට, ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි වෑන් රථවලට පොදු ප්‍රවාහන සේවයට මගී ප්‍රවාහනයට මෝටර් බයිසිකල්වලට සහ ත්‍රිවීලර්වලට යම් ආකාරයක සහනදායී මිල මට්ටමක ඉන්ධන සැපයීම පැවතිය යුතුය යන්නයි.”
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?