counter hit xanga
October 18, 2021

වාසු,උදය,විමල්, වටේ යයි! අදත් බෑ කියයි!

W U W lankaecast

Last Updated on May 4, 2021 by Panduka Herath

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අද (04) කැදවා තිබු පක්ෂ නායක රැස්වීම අදත් පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම මගහැර ගොස් තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ , ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

ecast දේශපාලන වාර්තාකරු සදහන් කළේ පක්ෂ නායක රැස්විම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා මෙම පක්ෂ නායකයින් පිරිස ඊට සහභාගී නොවූ බව දන්වා ඇති බවයි. මිට පෙරද පක්ෂ නායක රැස්විමකදි මෙවැනිම තත්ත්වයක් ඇතිවුනා.

රැස්විම මගහැර ගිය පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට ගොස්, රැස්වීමට සහභාගි නොවන බව අගමැතිවරයාට දැනුම් දිමටද කටයුතු කර තිබේ.

පොදුජන පෙරමුණ නියෝජනය කරන විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් තමන්ට අවශ්‍ය අකාරයට අදහස් දැක්විමට නොහැකි බවත්,තමන්ගේ ප්‍රශ්ණ වලට විසඳුම් සාකච්ඡා කිරිමට අවස්ථාවක් නොලැබෙන බවත් රැස්විම මගහැර ගිය මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දැනුම් දි තිබේ. ඒ අනුව ලබන එකොළොස් වැනිදා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවිමට අග්‍රාමාත්‍යවරයා කටයුතු යොදා තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.