counter hit xanga
October 21, 2021

කුරුණෑගල සිද්ධිය සොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක්! Video

Last Updated on May 31, 2021 by Panduka Herath

ඊයේ (30) රාත්‍රී කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතරතුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දිනය සැමරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබේ.

නිරෝධායන නීතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙවැනි දේ පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අප විශේෂ නියෝජිතයේකු කල විමසීමකදි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි.

කොවිඩ් -19 වසංගය දුරුවේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් කුරුණෑගල පොලීසිය සංවිධානය කළ සත් දින පිරිත් දේශනාවක් මේ දිනවල එම පොලිස් ස්ථාන පරිශ‍්‍රයේ දී පැවැත් වේ.එම පිරිත් දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා කුරුණෑගල නගරාධිපතිවරයා පෙරේදා පස්වරුවේ සහභාගි වී ඇති අතර එහිදී එදිනට යෙදි තිබු නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමද සිදුකර ඇති අතර එහිදී පොලිස් නිලධාරින් විසින් නගරාධිපතිවරයා වෙනුවෙන් සුදානම් කර තිබු උපන්දින කේක් ගෙඩිය කැපීමද සිදුවු බව මාධ්‍ය වාර්තාකර තිබුනා.

එම අවස්ථාවේදි නගරාධිපතිවරයා සිය මුඛ ආවරණය ගලවා සිටිමද මාධ්‍ය බරපතල වරදක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත්තේ.

එම අවස්ථාවේ ගත් විඩියෝව බලන්න