counter hit xanga

දරුණු ගණයේ අපරාධකරුවන්ගේ තටු කැපේ!

Last Updated on April 26, 2021 by Desman Chathuranga

බන්ධනාගාරවල සිට විවිධ අපරාධ සැලසුම් කිරීම වැළැක්වීමේ පියවර කිහිපයක්ම ගැනිමට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව දිවයිනේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි දරුණු ගණයේ අපරාධකරුවන් තවත් හතළිස් දෙනකු ගාල්ල බූස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිර මැදිරිවල රැඳවිමට කටයුතු කර ඇති අතර ඔහුන්ට බාහිර සමාජය හා දුරකථන ඔස්සේ සම්බන්ධ වීමේ අවස්ථාව ද සම්පූර්ණයෙන්ම නතර කිරිමට පියවර ගෙන තිබේ.

අදාළ දරුණු ගණයේ අපරාධකරුවන් තවත් හතළිස් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද රාජ්‍ය බුද්ධි සේවයේ හා ත්‍රස්ත විමර්ශන අංශයේ ද වාර්තා පදනම් කරගෙන හඳුනාගෙන තිබේ. මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ ක්‍රියාත්මක කිරිම නතරකිරිම සදහා දරුණු ගණයේ අපරාධකරුවන් වෙනම ආරක්ෂිත සිර මැදිරිවල රැදවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා හදිස්සියේම වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර බන්ධනාගාර මුළුතැන්ගෙය හා සිර මැදිරි පරික්ෂාවට ලක් කර තිබේ. එහිදි සිදුවිය යුතු වෙනස්කම් රැසක් සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරිමටද කටයුතු කර තිබේ.