Last Updated on May 27, 2021 by Panduka Herath
Sputnik v කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 50,000ක් අද (27ද) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.රුසියාවෙන් ඇනවුම් කරන ලද Sputnik v එන්නත් මාත්‍රා තොගයේ පළමු කොටස වන මාත්‍රා 15,000 ක ප්‍රමාණයක් පසුගිය දා ලැබුන අතර අදාල ඇනවුමෙහි දෙවැනි තොගය ලෙස මෙලෙස මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් අද ලැබිමට නියමිතයි.
පළමු තොගයේ එන්නත් මාත්‍රා ගොතටුව ප්‍රදේශයේ ජනතාවට එන්නත් කරණය සදහා යොදාගත් අතර දෙවෙනි තොගයේ එන්නත් කරන වැඩසටහන සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනු ඇතී.
මේ අතර ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ sinopharm එන්නත් මාත්‍රා 375000 පළමු වටයේදී සයිනොෆාම් එන්නත් ගත් අය සදහා ලබාදිමට කටයුතු කර බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදිමට නියමිතයි.
චීනයෙන් අනවුම් කළ sinopharm එන්නත් මාත්‍රා එන්නත් මාත්‍රා මිලියන 3ක් ඉදිරියේදි ලැබිමට තිබෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.
[url=http://cheapdrugs.store/#]treatment with drugs[/url]
generic propecia buy generic propecia generic propecia