counter hit xanga
October 22, 2021

Sputnik V එන්නත අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සේවකයන්ට!

Last Updated on May 4, 2021 by Panduka Herath

රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v Sputnik V එන්නත අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ පැවැති කැබිනට් හමුවේදි මෙම තීරණය ගෙන තිබේ.

එන්නත් කිරිමේදි විදුලිබල සේවකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ Sputnik V එන්නත විදුලිබල සේවකයන්ට ලබාදිමට කටයුතු කරන ලේසයි.

විදුලි බලාගාර කිහිපයක සේවකයන් පසුගිය කාලයේ කොවිඩ් වෛරසයට ගොදුරු වූ බව සඳහන් කර ඇති ඇමතිවරයා එවැනි තත්ත්වයක් ඉදිරියටත් ඇති ඇතිවුවහොත් එය විදුලිබල සැපයුමට ගැටලුවක් විය හැකි බව පෙන්වා දී තිබේ.

රුසියානු ස්පුට්නික්-V එන්නත රැගත් ගුවන් යානය අද (මැයි 4) අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟා වුනා.

ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය රුසියානු තානාපතිවරයාසංඛේතාත්මකව එම එන්නත් තොගය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතට භාරදෙනු ලැබුවා.

ආරම්භක පියවර ලෙස Sputnik V එන්නත් මාත්‍රා 15,000ක් මෙරටට අද ලැබි ඇති අතර ඉදිරි කාලයේ එන්නත් මාත්‍රා මිලියන 13ක් කොටස් වශයෙන් ලැබීමට නියමිතයි. බවත්ය.