Last Updated on March 14, 2023 by Lankae Cast
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලනය හෙබැවූ 2002 සිට 2022 රනිල් වික්‍රමසිංහ පාලන සමය දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය පිළිබඳව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ FactSeeker ඒකකය වාර්තාවක් සකස් කොට තිබේ.
ඒ අනුව 2002 දී ඩොලර් බිලියන 1.6 ක්ව පැවැති විදේශ විනිමය 2005 දී ඇයගේ පාලනය අවසන් වන විට බිලියන 2.65 දක්වා ඉහළ ගොස් තිබිණි.
මහින්ද රාජපක්ෂ 2005 දී රාජ්‍ය පාලනය භාර ගත් පළමු වසරේදී විදේශ විනිමය ඩොලර් බිලියන 2.73 ක් ලෙස පැවැති අතර ඔහු 2015 දී පාලන කාලය අවසන් කරන විට එය බිලියන් 6.54 ක් දක්වා වර්ධනය වී තිබිණි. ගතවූ වසර 10 ක කාලය තුළ වැඩිම විදේශ විනිමය වාර්තා වී තිබුණේ 2014 වසරේදී ය. එය ඩොලර් බිලියන 7.32 ක් විය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත් ව ගතවූ දෙවැනි වසරේදී එනම් 2016 වසරේදී විදේශ විනිමය ඩොලර් බිලියන 5.19ක් වශයෙන් වාර්තා වූ අතර 2020 වසරේදී එය බිලියන 6.69ක් විය. ඔහුගේ පාලන සමයේදී එනම් 2017 වසරේදී ද විදේශ විනිමය ඩොලර් බිලියන 7.3 ක් විය.
ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පළමු වසරේදී එනම් 2020 වසරේදී විදේශ විනිමය බිලියන 5.26ක් ලෙස වාර්තා වූ අතර 2022 දී එය බිලියන 1.89 ක් දක්වා පහත වැටී ඇත. ගෝඨාභය රාජපක්ෂ 2022 ජූලි මාසයේදී ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, ජූලි 21 දා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් විය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය අවසන් කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය