counter hit xanga
October 22, 2021

එන්නත්කරන මෙහෙයුමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5

Last Updated on May 14, 2021 by Panduka Herath

කොවිඩ් පාලන එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාලව ඇමෙරිකානු ඩොලර් මිලියන 80.5 $80.5 millionඅමතර මුදලක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ. COVID-19 එන්නත් ලබා ගැනීමට සහ බෙදාහැරීම සහ රටේ එන්නත් ක්‍රමය ශක්තිමත් කිරීම සහ වසංගත ප්‍රතිචාර දැක්වීම සඳහා එම මුදල් යෙදවිමට නියමිතයි.

රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂක Faris Hadad-Zervos යන මහත්වරුන් අදාළ ගිවිසුමට අත්සන් තැබුවා.

“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවය සහ සහයෝගය අත්‍යවශ්‍ය වේ” වන් බවයි ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂක Faris Hadad-Zervos මහතා එහිදි සදහන් කළේ.