counter hit xanga
June 13, 2021

ලංකාවේ 17%ක් Fake! Video

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. වරාය නගර පනත් කෙටුම්පත පිළිබද නීතිමය පසුබිම පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට අද(18) එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ . ( අදාළ Video ව පහතින් නරඹන්න..)

“සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව දැනටමත් ව්‍යාජ තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා නීතිමය තන්ත්‍රයක් බල ගැන්වීම සඳහා “The Protection from Online Falsehoods and Manipulation Act” හදුන්වා දි ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරීන්ගේන් 17% ක් ව්‍යාජ Fake ඒවා බවත් එම ව්‍යාජ ගිණුම් භාවිතා කරමින් අසත්‍ය තොරතුරු පතුරුවා හරින නමුත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවද අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රට තුළ ජනතාව කලකිරීමට පත්වන තනතුරු සංසරණය වෙමින් පවතින බවත්, එබැවින් එවැනි මාර්ගගත අසත්‍යතාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා නව නීති සම්පාදනය කිරීමේ ක්‍රම පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

හිටපු අගමැතිගේ සැලැස්ම

2018 වසරේදී එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාද ෆේස්බුක් සහ සමාජ ජාල හරහා වෛරී ප්‍රකාශ වැළැක්වීමට නව නීති ගෙන එන බවට ප්‍රකාශන් කලද ආණ්ඩුව අවසන් වනතුරුම නිශ්චිත නීති රාමුවක් සකස් කිරිමට එම ආණ්ඩුවද සමත් වුයේ නෑ.

“මේ අංශ ගැන යම් අධීක්ෂණයක් කරන්න, ක්‍රියාත්මක වෙන්න මාර්ගයක් තියෙන්න ඕනේ. අපි මීට ඉස්සෙල්ල ෆේස්බුක් එකට දන්වද්දී සීග්‍රයෙන් ක්‍රියා කරලා නැහැ. ඒ නිසා ෆේස්බුක් නියෝජිතයන් ලංකාවට එනවා මේ ගැන සාකච්ඡා කරන්න” “ජාතිවාදී, වර්ගවාදී ගැටුම් ඇතිකරන ප්‍රකාශ ඉවත්කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍යයි ඒ සඳහා අවශ්‍ය නීතිරීති ගෙන එනවා” – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 14 කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාල තාවකාලික තහනමක් පැනවිමට එවකට ආණ්ඩුව කටයුතු කල අතර එම වකවානුවේදී විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි හරින් ප්‍රනාන්දු මහතා යෝජනා කර සිටියේ අසත්‍ය සහ වෛරී ප්‍රකාශණ හදුනා ගනිමින් එවා ඉවත් කිරිම සදහ Facebook ආයතනය සිංහල භෂාව කියවිය හැකි පිරිස් බදවා ගත යුතු බවයි.

එම වකවානුවේදී ෆේස්බුක් සමාගමේ නිලධාරීන් පිරිසක් සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිනි බවද හරින් ප්‍රනාන්දු මහතා සදහන් කර තිබුනා.

share කිරීමට පෙර වරක් .. දෙවරක් නොව හැකිතාක් සිතා බලන්න

සමාජ ජාල ඔස්සේ පළ වන ඉහත කී ආකාරයේ සාවද්‍ය පුවත් ‘share’ කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව සමාජ ජාල විශ්ලේෂකයන්ගේ මතයයි.

සාවද්‍ය පුවත් පළ කරන්නේ සීමිත පිරිසක් වුවත් එවැනි පුවත් විශාල වශයෙන් හුවමාරු වෙන්නේ (Viral) බොහෝ දෙනෙක් හරියට හිතන්නේ නැතිව ‘share’ කිරීම නිසා බවයි ඔහුන්ගේ මතය වි ඇත්තේ. යනුවෙන් ඔහු සඳහන් කළේ මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමිනි.

සියල්ලටම වඩා දේශපාලන අරමුණකින් ඔබ්බට ගොස් සිය සමාජ ජාල පිටු වෙත “Hits” වැඩි කර ගැනීමටත්’ ඒ ඔස්සේ ලාභය වැඩි කර ගැනීමටත් උත්සහ දරන පිරිස් සිටින බැවින් ඔහුන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරිම වැදගත් බවද ඔහුන් පෙන්වා දෙනවා.