counter hit xanga

ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!

Last Updated on May 20, 2022 by Desman Chathuranga

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය වන බව ‘ G7’ සමුළුවේදී සාමාජික රටවල මුදල් අමාත්‍යවරු ප්‍රකාශ කර සිටියා.ජර්මනියේ ඊයේ (19) පැවති ‘G7’ සමුළු රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බව එම රටවල් නිවේදනය කළේය. G7 සමන්විත වන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ එක්සත් ජනපදයයි.

“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට දීර්ඝ කාලීන විසඳුමක් සෙවීමට ‘G7’ රටවල් කැපවී සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීම සඳහා ඵලදායි ලෙස සාකච්ඡා කරන ලෙසත්” ‘G7’ සාමාජික රටවල් ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

මේ අතර, පවතින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ජපාන රජය සිකුරාදා ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක අරමුදල් ප්‍රකාශයට පත් කළේය. මෙම අරමුදල් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් ආධාර අවශ්‍ය දරුවන් සහ පවුල් සඳහා ආහාර ආධාර සැපයීම සඳහා භාවිතා කරනු ඇත.