Last Updated on June 25, 2021 by Desman Chathuranga
මාධ්‍යවේදිනියන් හට සිය සේවා ස්ථානයේ දී සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නම් නොකළ පුවත්පතක සේවය කරමින් සිටියදී පිරිමි සගයකු තමා දූෂණය කරන බවට තර්ජනය කළ බවට මාධ්‍යවේදී Sarah Kellapatha සිය twitter ගිණුමේ සටහනක් තැබිමත් පසුගිය (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් විමසිමත් සමග මෙම විමර්ශන ආරම්භ කර තිබේ. ඇයගේ පැමිණිල්ල ඉදිරිපත් විමත් සමග විඳීමට සිදු වූ ලිංගික අතවර පිළිබඳ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම වාර්තා වෙමින් තිබිම විශේෂත්වයක්.
මාධ්‍ය ආයතන තුල සිදුවන දෑ පිළිබඳව දැනුවත් නමුත්, එවැනි සිද්ධීන් පිළිබඳව නිල පැමිණිලි කිසිවක් මේවන තෙක් ලැබී නොමැති බවයි.ඒ ආකාරයෙන් නිල පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එයට ක්ෂණික පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
“මට එවැනි කිසිදු නිල පැමිණිල්ලක් ලැබිල නැහැ… නමුත් මට එවැනි පැමිණිල්ලක් ලැබුනා නම් මම වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් වෙනවා”
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය විශේෂයෙන් සොයා බලා අනිවාර්යයෙන් අවශ්‍යය පියවර ගැනීමට බලාපොරොත්තුවන බවයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කළේ.
මේ පිළිබඳ විමර්ශනයක් සිදු කර, මාධ්‍යවේදිනියන්ට ආරක්ෂිත පරිසරයක වැඩ කිරීමට හැකි වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන සම්බන්ධයෙන් මාධ්‍යආයතන තුල සේවය කරන මාධ්‍යවේදීනියන් කිසිවිටක පැමිණිලි නොකරන තත්ත්වයක් උදාවි ඇති අතර එයට ප්‍රධානතම හේතුව වන්නේ සිය රැකියාව ආරක්ෂා කර ගැනිමට ඇති අවශ්‍යතාවයයි. #Lankaecast
Facebook සමාජ ජාලාවේ තබා තිබු සටහනකි.

More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි