Last Updated on May 2, 2021 by Desman Chathuranga
වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට Dravida Munnetra Kazhagam (DMK) පක්ෂය මේ වනවිට සමත්ව තිබේ.ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (DMK) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 157ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇති අතර ප්‍රාන්ත බලය වසර 10ක් අල්ලාගෙන සිටි AIADMK හෙවත් All India Anna Dravida Munnetra Kazhagam පක්ෂයට ලබා ගැනිමට හැකි වුයේ ආසන 77ක් පමණී.තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් මස 6 වැනිදා ආරම්භ වු අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72.78ක් ලෙස වාර්තා වි තිබේ.
ඒ අනුව එම්. කරුණානිධි ඩී.එම්.කේ පාලන කාලය තුල නියෝජ්‍ය මහ ඇමතිව සිටි වත්මන් DMK සභාපති M.K. Stalin ස්ටාලින් මහතා මහඇමති ධුරයට පත්වීමට නියමිතයි. එම්. කේ. ස්ටාලින් යනු කරුණානිධිගේ තුන්වන පුත්‍රයායි. සිය ජයග්‍රහණයයෙන් පසුව සිය පියා වු කරුණානිධිගේ විශාල ඡායාරූපයකට මල් මාලා පලන්දවා දේශපාලන ප්‍රතිඥාවක්ද ස්ටාලින් විසින් දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

“මම ඔබට සත්‍යවාදී වන්නෙමි. මම ඔබ වෙනුවෙන් වැඩ කරන්නෙමි. මගේ සිතුවිලි හා ක්‍රියාවන් සැමවිටම තමිල්නාඩුවේ ජනතාවට වේ. යනුවෙන් සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ස්ටාලින් අවධාරණය කර තිබේ.
කරුණානිධි යන නාමය මෙන්ම ජයලලිතා යන නාමයද ලංකාවේ ජනතාවට අලුත් නාමයන් දෙකක් නොවේ.උතුරේ බෙදුම්වාදය ශක්තිමත් කිරිම සදහ දෙදෙනාම වෙනසකින් තොරව කටයුතු කල බව නොරහසකි.
AIADMK පක්ෂයට නායකත්වය දෙමින් අවසන් වරට තමිල්නාඩුවේ බලය අල්ලා ගත් මහ ඇමතිනී, ජයරාම් ජයලලිතා 2016 වසරේ අභාවප්‍රාප්ත වු අතර ඉන්පසු කාලසීමාව පක්ෂය අර්බුද රැසකට මුහුණ දුන් අතර ඒ හේතුව නිසාම මේ මැතිවරණයේදි AIADMK පක්ෂයට සිය බලය අහිමි විය.
වසර 10කට පසුව තමිල්නාඩුවේ බලය අල්ලා ගත් ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් හේවත් (DMK) පක්ෂයේ නායකත්වය දැරු එම් කරුණානිධි අභාවප්‍රාප්ත වුයේ 2018 වසරේ වන අතර ඒ වනවිටත් ඔහු 5 වතාවක් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස කටයුතු කර තිබුනා.කරුණානිධි ඉන්දීය දේශපාලනයේ ප‍්‍රබල චරිතයක් වූ අතර ඒ හරහා ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට පවා මැදිහත්වූයේ ඔහු තුළ තිබු LTTE හිතවාදය හේතුවෙනි.
මිය යන විට 94 වෙනි වියේ පසුවූ කරුණානිධි ඒ දක්වා විවාහ 3ක් සිදුකරගෙන තිබු අතර, එම්. කේ. මුතු,එම්. කේ. ස්ටාලින්,එම්. කේ. අසගිරි, එම්. කේ.සෙල්වි සහ එම්. කේ කනිමොසිය යනු ඔහුගේ දරුවන් වේ.
මේ අතර ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (DMK) පක්ෂය යලි තමිල්නාඩුවේ බලය අල්ලා ගැනිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ දමිළ දේශපාලන නායකයින් සිය සතුට පලකරමින් නිවේදන නිකුත් කර තිබේ.
ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරමින් twitter ඔස්සේ සටහන් කර ඇත්තේ.
The Tamil National Alliance (TNA), representing the Tamils in Sri Lanka’s north and east, said: “Congratulations to @arivalayam #DMK and @mkstalin on a decisive win in the #Tamil_Nadu legislative assembly polls,” යනුවෙනි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සදහන් කර ඇත්තේ “ශ්‍රී ලංකා දෙමළ ජනයා තමිල්නාඩුවේ ඡන්දදායකයින් නොවේ. අපගේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව පිළිගෙන, අපට උපකාර වන අයුරින් [නව නායකත්වය සමඟ] සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන අප සිතා බැලිය යුතුය යනුවෙනි.
යුරෝපා රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන විශාල වශයෙන් සිය සතුට එම්. කේ. ස්ටාලින් හට පලකර තිබේන අතර සමස්තයක් ලෙස ඔහුන්ගේ අර්ථ දැක්විම වි ඇත්තේ තමිල්නාඩුවේ ඡන්ද ප්‍රතිඵල සහ දේශපාලන වර්ධනයන් ශ්‍රී ලංකාව තුළ දැඩි ලෙස අනුගමනය කරනු ලබන බවත් බොහෝ විට තමිල්නාඩුව නිරූපණය කරන්නේ නවදිල්ලියේ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට බලපෑම් කළ හැකි පීඩන ලක්ෂ්‍යයක් බවයි.
1 thought on “කරුණානිධිගේ පුතා තමිල්නාඩුව අල්ලයි! TNA,මනෝ සතුට පලකරයි!”