Last Updated on June 19, 2021 by Panduka Herath
අමාත්‍ය විමල් විරවංශ මහතා යටතේ තිබු ලංකා පොස්පෙඩ් සමාගම (19) දින සිට කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
අද (19) දින නාවලපිටිය නගරයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ
“ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශයට ගැසට් කරලා තියෙනවා, ඒකට හේතුව ලෙස මම දකින්නේ ලංකා පොස්පෙඩ් සමාගම කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ තමයි තිබුණේ පසුගිය කාලයේ.”
“රජය දැවැන්ත වැඩපිලිවෙලක් දියත් කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව වෙනුවෙන්.පොස්පෙඩ් නිෂ්පාදනය ඉතාමත් වටිනවා, අමාත්‍ය විමල් විරවංශ මහතා විශාල කාර්ය භාරයක් ඉටු කරලා තිබුණා.ඒ සියල්ලත් ගොනු කරගෙන අපේ රටේ පොස්පෙඩ් නිෂ්පාදනය කිරිමේ කටයුතු කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ආරම්භ කරනවා.”
[url=http://cheapdrugs.store/#]online drug store[/url]