counter hit xanga
October 22, 2021

ගෙදර ඉන්න!

Last Updated on May 21, 2021 by Panduka Herath

දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා අද මධ්‍යම රාතී‍්‍රයේ 11.00 සිට පනවන අතර එම සංචරණ සීමා ලබන 25 වන අඟහරුවාදා අලූයම 4.00 දක්වා කි‍්‍රයාත්මකයි.

එසේම, ලබන 25 වැනිදා රාති‍්‍ර 11.00 සිට 28 වැනිදා අලූයම 4.00 දක්වා යළිත් සංචරණ සීමා කි‍්‍රයාත්මක කෙරෙන බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

Covid ව්‍යාප්තිය සීග‍්‍ර ලෙසින් වර්ධනය වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් පවතින නිසාත් වෙසක් සතිය නිමිත්තෙන් සිදුවන මහජන ඒකරාශීවීම් වැළැක්වීම සඳහාත් මෙම පියවර ගත් බව බවයි හමුදාපතිවරයා සදහන් කළේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය සහ සේවා කටයුතු සදහා මෙම සංචරණ සීමා පැනවීම කිසිදු බාධාවක් නොවන බවයි ඔහු සදහන් කළෙ.

සංචරණ සීමාවන් පැනවීමෙන් අපේක්ෂා කරන්නේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඒ හේතුවෙන් අදාළ කාලසීමාවේදී තම නිවෙස්වලටම වී සිටීමට වග බලා ගන්නා ලෙසත් යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටියා.