Last Updated on June 7, 2021 by Desman Chathuranga
වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත් කිරිමට රජය තීන්දුකර ඇති බව දේශපාලන ආරංචී මාර්ග සදහන් කරයි. එම තනතුර සදහා වෙනත් ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙක් පත් කිරීමට තීරණය කර තිබේ.
කෙසේවෙතත් වෛද්‍ය සමරවීර මහතා එම තනතුරින් ඉවත්කළද ඔහුගේ ජ්‍යෙෂ්ඨතාවට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක පිහිටුවිමටද රජය තීන්දු කර තිබේ.
රජයේ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් මර්දනය සඳහා මෙතෙක් කරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය GMOA හා විශේෂඥ වෛද්‍යවරැන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට කරුණු දක්වා තිබු අතර ඒ සම්බන්ධයෙන් සිදුකල මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි එම් ආරංචි මාර්ග සදහන් කළේ.
More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර