counter hit xanga
October 21, 2021

කුහකත්වය පෙරට! බැසිල්ට,උදයංගට එරෙහිව සුමංගල හිමි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යයි!

Last Updated on May 20, 2021 by Panduka Herath

හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරිමට උලපනේ සුමංගල හිමි කටයුතු කර තිබේ.

යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් ඔහුන් දෙදෙනා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබේ.

නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ජනාධිපති සහ පළමු වගඋත්තරකරු ගන්නා ලද තීන්දු සහ තීරණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයකට වැළදී ඇති සේම ඉන් ඇතැම් පිරිස් මරණයටද පත්ව ඇතැයිද කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග්‍රව පැවති අවස්ථාවක මෙරටට යුක්රේන ජාතිකයින් සහ ඉන්දියානු කොවිඩ් රෝගීන් මෙරටට ගෙන්වීම තුළින් 1 සහ 2 වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමේ වරද සිදු කර ඇතැයි එම පෙත්සමෙන් පෙන්නා දි තිබේ.

ඊට අමතරව නිරෝධායක පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම මගින් 1 සහ 2 වගඋත්තරකරුවන් දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇතැයි ද පෙත්සමෙන් පෙන්නා දි ඇත.

පළමු වගඋත්තරකරු ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධකම් උපයෝගී කරගෙන ජනාධිපතිවරණයන් පසු මෙරටට පැමිණ නොයෙකුත් ව්‍යාපෘති සිදු කරනු ලබයි. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , ජනාධිපති විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා ඇත.‍

කොවිඩ් මර්දණ ව්‍යාපාරය සාර්ථකත්ව දියත් කිරිමත් ඒ අතරම රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනිමට කටයුතු කිරිම මෙන්ම වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනත ක්‍රියාත්මක කිරිම හරහා නව ආයෝජන රට තුලට ගෙන එමට කටයුතු කිරිම හමුවේ විපක්ෂයේ කල්ලි කණ්ඩායම් නියෝජනය කරන මෙම කණ්ඩායම් කුපීතව සිටින අයුරු මේ අකාරයේ පෙත්සම ගොනු කිරිම හරහා මනාව අනාවරණය වෙමින් තිබේ.

මෙරට ක්‍රියාත්මක ආණ්ඩු විරෝධී මාධ්‍ය ජාලයක මාසික ගෙවිම් ලැයිස්තුවේ සිටින උලපනේ හිමියන් විවිධ ව්‍යාපාරිකයන් සමගද සමීප සබඳතාවයන් පවත් වන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.