Last Updated on June 18, 2021 by Panduka Herath
Gypsies සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළා.ඒ තමා විසින් නිර්මාණය කළ “තාත්තා මට ඇනපු ටොක්ක” ගීතය අනවරසයෙන් විකෘති කර “නන්දෙ මට ඇනපු ටොක්ක” ලෙස අන්තර්ජාලයට මුදාහැරීමක් සම්බන්ධයෙන්යෙනි.
සුනිල් පෙරේරා මහතා ප්‍රමුඛ Gypsies කණ්ඩායමේ ජනප්‍රිය ගීතය විකෘති කර පවත්නා රජයට සහ එහි බළධාරීන්ට අපහාසාත්මක ගීතයක් නිර්මාණය කර ඇති බවයි සුනිල් පෙරේරා මහතා පැමිණිල්ල ගොනු කරමින් සදහන් කර ඇත්තේ.
මෙම ගීතයේ පදමාලාව වෙනස් කිරීම සඳහා තමන්ගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බව පවසන සුනිල් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.
තමා දේශපාලනය උපහාසයට ලක් කරමින් ගීත නිර්මාණය කර ඇතත් කිසිවිටෙකත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් හෝ වෙනත් පාර්ශ්වයකට අපහාස සිදුවන අන්දමින් හෝ නිර්මාණ සිදුකර නොමැති බවද Gypsies නායක සුනිල් පෙරේරා මහතා සදහන් කර තිබේ.
More Stories
විපක්ෂය කළේ මෝඩ වැඩක්! සුමන්තිරන්ට අගමැති පිළිතුරු දෙයි!
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!