counter hit xanga
October 22, 2021

විශ්‍රාමිකයන් ගැන හමුදාවෙන් ගත් තීරණය!

Last Updated on June 8, 2021 by Panduka Herath

විශ්‍රාමිකයන්ට එම වැටුප් ලබා ගැනීම සඳහා අදාළ බැංකු වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරන බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජුනී මාසයේ විශ්‍රාම වැටුප් ලබා දීමට නියමිතව ඇත්තේ ජූනි 10 වන දාය.

දිසාපතිවරුන්, ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම යුද්ධ හමුදාව සහ පොලිසියේ ද සහය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඒ අනුව, විශ්‍රාමිකයන් අදාළ බැංකු වෙත රැගෙන යාම සඳහා ලං.ග.ම. CTB බස් රථ යොදා ගැනීමට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග සාකච්ඡා කර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.