Last Updated on January 12, 2023 by Desman Chathuranga
පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් මූලික අයිතිවාසිකම් කඩකලැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් වින්දිතයන්ගේ අරමුදලට වන්දි ගෙවන ලෙස අද නියෝග කලේය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක මුදලක්, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන් 50ක් ද, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට මිලියන 10ක මුදලක්ද තම පුද්ගලික මුදලින් වින්දිතයන්ගේ වන්දි අරමුදලට බැර කරන ලෙසත්, රජයෙන් රුපියල් මිලියනයක මුදලක් එම අරමුදලට බැර කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.
සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මෙම තීන්දුව යලි වෙනස් කල නොහැකි එකක් වනු ඇත.කෙසේවෙතත් පාස්කු ඉරුදින සිදු වූ ප්‍රහාරය වැළැක්වීමට සුදුසු පියවර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින එවකට සිටි අග්‍රාමාත්‍ය වත්මන් පාර්ලිමේන්තුවේ 132ක් විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ජනාධිපති මුක්තියට සැගවි මෙම නඩුවෙන් ඉවත් විමට කටයුතු කළා.
ඒ අනුව දැන දැනම පාස්කු ප්‍රහාරය එල්ල කිරිමට අන්තවාදී කණ්ඩායම් වලට සහය දුන් බවට මෙම නඩු තින්දුව අර්ථ දැක්විමට ඉදිරියෙදි අවස්ථාව ලැබෙනු ඇත. එ අනුව රනිල් වික්‍රමසිංහ හටද සිය මුක්තිය අහිමි වු දිනක මෙම වරදට දඩුවම් නියම වනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව!
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?