counter hit xanga
October 26, 2021

ජන සංහාරය ලොවපුරා සමරයි! ශවේන්ද්‍රට ඕස්ට්‍රේලියාවෙත් දොර වහන්න කියයි!

Last Updated on May 29, 2021 by Panduka Herath

ලොව පුරා දෙමළ ඩයස්පෝරා සංවිධාන දෙමළ ජන සංහාරය සහ මුල්ලිවයිකල් අනුස්මරණ දිනය සමරනු ලැබු බවට දෙමළ ඩයස්පෝරාව නිවේදනය කර සිටි.ශ්‍රී ලංකා රජය විසින් සන්නද්ධ ගැටුම අවසානයේ සිවිල් වැසියන්ට දිගින් දිගටම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ හෙලීම හේතුවෙන් දස දහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන් මියගිය බව සදහන් කරමින් මෙම අනුස්මරණය දින සමරා තිබේ. ප්‍රංශය,ඇමරිකාව,එංගලන්තය, ස්විස්ටර්ලන්තය,නොර්වේ ඇතුලු රටවල් රැසක් මේ සදහා එක්ව තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් දෙමළ ඩයස්පෝරා සංවිධාන සඳහන් කළේ තම ප්‍රාන්තයේ “දෙමළ ජනතාව මත ගෙල සිර කිරීම තීව්‍ර වී ඇති” බවයි. “හුස්ම හිරවන මිලිටරි බලපෑම්, බිය ගැන්වීම් සහ ඩයස්පෝරා ද්‍රවිඩයන්ට සහ සංවිධානවලට නීතිමය තහනම් පැනවීම පිළිබඳ සෝදිසි කිරීම්, මියගිය අය වැලපීම හා අනුස්මරණය කිරීම ඇතුළු සමාජ ක්‍රියාකාරකම් සඳහා අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම” වැනි අසත්‍ය මෙන්ම පදනම් විරහිත චෝදනා රැසක් අවධාරණය කර තිබේ.

මුල්ලිවයිකල් ජන සංහාරයෙන් දිවි ගලවා ගත් 300,000 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ලොව පුරා දෙමළ ඩයස්පෝරාව මෙම ජන සංහාරයට ගොදුරු වූවන්ට උපහාර දැක්වීම සඳහා ඉටිපන්දම් පත්තු කළ බවත් ඒ හරහා ජන සංහාරයට සාධාරණය ඉටු කිරීම සඳහා ඩයස්පෝරාව සිය බැඳීම් තවදුරටත් අලුත් කළ බවයි එම නිවේදනයෙ දක්වා ඇත්තේ.ඒ වෙනුවෙන් මැයි 18 වැනිදා පැය 18 පසුවි මිනිත්තු 18කදි සියලුම දෙනා ඉටිපන්දම් පත්තු කිරිමට එක්වු බවද සදහන් කර තිබේ.

මෙම ලිපියට අත්සන් කළ සංවිධානවලට ඇතුළත් වන්නේ:

Australian Tamil Congress (ATC),British Tamil Forum (BTF),Maison du Tamil Eelam France (MTE),Irish Tamil Forum (ITF),National Council of Canadian Tamils (NCCT),Norwegian Council of Eelam Tamils (NCET),Solidarity Group for Peace and Justice (SGPJ – South Africa),United States Tamil Action Group (USTAG)

මිට අමතරව යුරෝපා රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු රාජ්‍ය වගකිම් දරණ කණ්ඩායම් රැසක් දෙමළ ජන සංහාරය සහ මුල්ලිවයිකල් අනුස්මරණ දිනය වෙනුවෙන් විවිධ නිවේදන නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ හින්දු කවුන්සිලයේ (HCUK) ප්‍රධාන ලේකම් හා අධ්‍යක්ෂ Rajnish Kashyap (රාජ්නිෂ් කාශ්‍යප්) දෙමළ ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර එක්සත් රාජධානියේ රජය සහ එක්සත් ජාතීන් “පූර්ණ ජාත්‍යන්තර පරීක්ෂණයක් සහතික කරන ලෙසත්, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ මානව හිමිකම්වලට සහාය දැක්වීමට පියවර ගැනීම සහ යුක්තිය ඉල්ලා සිටින ලෙසත් ඉල්ලා සිටියේය.

විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිලිබඳ සෙවනැලි අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී Stephen Kinnock (ස්ටීවන් කින්නොක්) පූර්ණ ජාත්‍යන්තර ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් ඉල්ලා සිටි අතර, “ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය රජයට ද්විපාර්ශ්වික හා ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග අනුව කළ හැකි බොහෝ දේ ඇත”. මැග්නිට්ස්කි සම්බාධක මෙන්ම ජීඑස්පී ප්ලස් ලෙස හැඳින්වෙන වාසිදායක ගාස්තු පිළිබඳ නැවත සිතා බැලීමේ අවශ්‍යතාව ඇති බවද පෙන්වා දි තිබේ.

ලිබරල් ඩිමොක්‍රටිකයන්ගේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී Ed Davey (එඩ් ඩේවි ) කියා ඇත්තේ බ්‍රිතාන්‍යයට සහ ශ්‍රී ලංකාවට දිගින් දිගටම බලපෑම් කිරීමේ අවශ්‍යතාවය පවත්වා ගෙන යමින් ඒ සඳහා වූ තම කැපවීම දිගටම පවත්වා ගනිමිනි.

එක්සත් ජාතීන්ගේ නවතම යෝජනාව සම්මත කිරීම ඉස්මතු කළ නමුත් “අපට තවත් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබේ” ශ්‍රී ලංකා නිලධාරීන්ට ඉලක්කගත සම්බාධක පැනවිය යුතුයි යනුවෙනි.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඔස්ට්‍රේලියාවේ දොර වහන්න!

මුල්ලිවයිකල් සමූල ඝාතනයෙන් වසර 12 ක් සනිටුහන් කරමින්, ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙමළ ජන සංහාරයට එරෙහිව කතා කළ අතර, ගැටුමේ අවසන් අදියරේදී දමිළ සිවිල් වැසියන් 40,000 ක් ඝානතය කල බවත් සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටියා.

නිව් සවුත් වේල්ස් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික Anthony D’ Adam සභාව හමුවේ කියා සිටියේ “සංහිඳියාව ඇති කර ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, ශ්‍රි ලංකා රජය එය ආගමික හා ජනවාර්ගික සුළුතරයන්ට එරෙහි හිංසනය තීව්‍ර කර තිබේ” එක්සත් ජනපදය දැනටමත් ශ්‍රී ලංකාවේ හමුදාවේ ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට සංචාරක තහනමක් පනවා ඇති බවත්, එය අනුගමනය කරන ලෙස ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින බවත් ය.

Anthony D’Adam කල ප්‍රකාශය පහතින් බලන්න