Last Updated on June 2, 2021 by Panduka Herath
Port City පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පොලිස් ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ දී කොළඹ වරාය නගරයට විරුද්ධව ඉදිරියේදී විරෝධතා පැවැත්වෙනු ඇති බවට ඉන්දීය රෝ බුද්ධි සේවය ඉන්දීය රජයට කල දැනුම් දිමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
වරාය නගර පනත සම්මත කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට විරෝධය දක්වමින් ජනවාර්ගික ජාතිකවාදී දෙමළ කණ්ඩායම් ශ්‍රී ලංකා දෙමළ කණ්ඩායම්වලට සහයෝගය දැක්විය හැකි බවද රෝ බුද්ධි සේවය පෙන්වා දි තිබේ.
දෙමළ කණ්ඩායම් නිශ්චිත විරෝධතා සැලසුම් ප්‍රකාශයට පත් කර නොමැති බවත් ඒ හේතුවෙන් ප්‍රධාන නගරවල, විශේෂයෙන් චෙන්නායි හි ආරක්ෂාව තර කර ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
අසල්වැසි රටවල චීනයේ අඩිපාර වැඩි වනු ඇති බැවින් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ඉන්දියාව විශාල රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික සැලකිල්ලක් දක්වන බව ඉන්දීය රජය උපුටා දක්වමින් ‘ද හින්දු’ වාර්තා කර තිබේ.
Transnational Government of Tamil Eelam හෙවත් දෙමළ ඊලාම් හි අන්තර්ජාතික රජය නැමති කණ්ඩායම මෙම විරෝධතා සංවිධානය කරමින් සිටින අතර ශ්‍රී ලංකාවේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව නිශ්ශබ්දව සිටීම “දෙමළ ජනයා අතර මහත් නොසන්සුන්තාවක් හා කෝපයක්” ඇති කර ඇති බවටද එම සංවිධානය නිවේදන නිකුත් කරමින් කියා තිබේ.
More Stories
මාස 6න් රට ගොඩදාන්න අනුර සුදානම්! යාපනයේදි කිව්ව කතාව මෙන්න!
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!