counter hit xanga
February 5, 2023

දෙමළ මන්ත්‍රීගේ පුල්ලි මතුවෙයි! රජය අවමංගල්‍යයට යන ගමන ආරම්භ කරලාලු!

Last Updated on May 14, 2021 by Desman Chathuranga

ස්මාරකය කඩා දැමිම හරහා රජය සිය අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට පටන් ගෙන ඇති බව දෙමළ ජාතික සන්ධානයේ (TNA) මඩකලපුවේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

මීට වසර 12 කට පෙර දසදහස් ගණනක් සමූල ඝාතනය කල බව සදහන් කරමින් මුල්ලිවයිකල් ස්මාරකය ආසන්නයේ කළු ගලකින් නිර්මාණය කරන ලද විශේෂ පණිවිඩයක් සහිත පුවරුවක් එම ස්ථානයින් ඉවත් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.ස්මාරක කඩා දැමීමෙන් දෙමළ ජනයාගේ හැඟීම් විනාශ කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා උතුරේ මාධ්‍ය අමතමින් සදහන් කර ඇත්තේ.

“මුල්ලිවයික්කාල් හි පිහිටුවා තිබූ ස්මාරකය විනාශ කර ඇති අතර එය එතැනින් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. එය එදින ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකළ බවට අපි සැක කරනවා. “

“ස්මාරක කඩා දැමීමෙන් ඔබට දෙමළ ජනයාගේ හැඟීම් සැබවින්ම විනාශ කළ නොහැකිය. ඔබ කඩා බිඳ දමන සෑම ස්මාරකයක්ම ද්‍රවිඩයන්ගේ මනසෙහි නව හැඟීමක් ඇති කරන සිදුවීමක් ලෙස මම දකිමි. ඔබ අපගේ හැඟීම් පාලනය කිරීමට උත්සාහ කළත්, සිදු වූ කිසිවක් අපට කිසිදා අමතක නොවේ. මේ රටේ දෙමළ ජනයාට සිදු වූ අසාධාරණයක් අපට කිසිදා අමතක නොවේ.”

“මම මේ ක්‍රියාව තරයේ හෙළා දකිනවා එසේම, රජය සමඟ අනුබද්ධිත අපගේ දෙමළ නියෝජිතයින් ද මේ සම්බන්ධයෙන් ඔබේ හෙලාදැකීම ප්‍රකාශ කළ යුතුයි. ඔබ අද රජය සමඟ සිටියත් ඔබව තෝරා පත්කර ගත්තේ දෙමළ ජනතාවයි. ඔබටත් වගකීමක් ඇත. ඒවා සැමරීම සඳහා ස්මාරක කඩා බිඳ දැමීමෙන් ආරක්ෂා කිරීම සඳහා පූර්ණ වගකීමක් ඇත. මේ අවස්ථාවේ දී මම කියන්න කැමතියි මේ රජය සිය අවමංගල්‍ය පෙරහැරේ ගමන් කිරීමට පටන් ගෙන ඇති බව. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වසරක් ඇතුළත රජය සිය අවමංගල්‍යයට යන ගමන ආරම්භ කර තිබේ.”