Last Updated on May 31, 2021 by Desman Chathuranga
1990 දශකයේ ලංකාව ඇතුලු ලොවපුරා ජනප්රියත්වයට පත් රූපවාහිනී කතා මාලාවක වන Tarzan (ටාසන්) හී ටාසන්ගෙ චරිත නිරූපණය කළ Joe Lara (ජෝ ලාරා) ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ.ටාසන් රූපවාහිනී කථා මාලාවේ සහ එම චිත්රපටයේ ටාසන් ලෙස රඟපෑ (58) හැවිදිරි ජෝ ලාරා ඇතුලු හත් දෙනෙකුගේ මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.
1996 සිට 1997 දක්වා දිවෙන “ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර්ස්” නම් රූපවාහිනී කතා මාලාවේ ප්රධාන චරිතය නිරූපණයට අමතරව ඔහු ක්රියාදාම චිත්රපට රැසක පෙනී සිටි Joe Lar වසර විස්සකට පසු 2002 දී රංගනය අතහැර දැමුහ.
පසුගිය සෙනසුරාදා අදාළ අනතුර සිදුව ඇති අතර Cessna 501 නැමති කුඩා ජෙට් යානයකින් ගමන් කරමින් සිටියදි පර්සි ප්රිස්ට් විලට කඩා වැටි තිබේ.පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු සෙවීම සඳහා විමර්ශකයින් විසින් දිගින් දිගටම සෝදිසි කිරිම් සිදුකරමින් සිටි.
මිට අමතරව Joe Lara සමග කතෘවරියක වන Gwen Shamblin Lara ද එම ජෙට් යානයේ ගමන් කර තිබේන් අතර ඇයද ජිවිතක්ෂයට පත්ව තිබේ.
ලියාපදිංචි ආහාරවේදියෙකු වන ග්වෙන් ෂැම්බ්ලින් ලාරා බර අඩු කර ගැනීම සඳහා ආහාර වේලක් නිර්මාණය කළ අතර එය බර අඩු කර ගැනීම සඳහා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය ශක්තිමත් කිරීමට ආහාර වේලට දිරිගැන්වු අයෙකී.1998 දී ලාරා සීඑන්එන් හි ලැරී කිංට පැවසුවේ දෙවියන් වහන්සේ ඇයව ආහාරවේදියෙකු බවට පත් කර ඇති බව විශ්වාස කරන බවයි.
ග්වෙන් ෂැම්බ්ලින් ලාරා 1978 සිට 2018 දක්වා ඩේවිඩ් ෂැම්බ්ලින් සමඟ විවාහ වී සිටි අතර පසුව ඇය ජෝ ලාරා සමඟ සම්බන්ධයක් ආරම්භ කර තිබේ.
More Stories
රනිල් සහ මෛත්රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර