counter hit xanga
March 28, 2023

රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!

Last Updated on February 2, 2023 by Desman Chathuranga

සෞඛ්‍ය සේවාව තුල එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සෑදීමේ වගකීම වර්තමාන ජනාධිපතිවරයා විසින්, වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රිය වෙත භාර දී අතර, ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේනගේ වෘත්තීය සමිති මෙහෙයවන හිටපු වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරා රෝයි ද මැල්ගේ පාර්ශවය විසින් කොළඹ ජාතික රෝහල පරිශ්‍රය තුළ ගැටුමකට මුල පුරා ඇත.

කණිෂ්ඨ සේවකයන් මත්ද්‍රවය පාවිච්චිකරන බවට වෛද්‍ය බෙල්ලනගේ චෝදනාව සහ මෛත්‍රීපාල සිරිසේන සහ වෛද්‍ය බෙල්ලන අතර කලක සිට පැවති ආරවුලද මෙම ගැටුමට හේතුවක් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරයි.

කෙසේ නමුත් අද දින ජාතික රෝහල් පරිශ්‍රයතුල ඇතිවූ මෙම ගැටුම සමතයට පත් කිරීමට රෝහල් අධ්‍යක්ෂක වරයා අසමත් වීම හේතුවෙන්, මරදාන පොලිසිය රෝහල් භූමියට කැඳවීමට සිදුවී ඇත. ගැටුමට මැදිවූ කිහිප දෙනෙකු මරදාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ එක් අයෙකු ජාතික රෝහලේ 56 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම ගැටුම සමතයකට පත් කිරීමට ජනාධිපතිවරු දෙපල මැදිහත් නොවුණහොත් තත්වය දුරදිග යා හැකි බවත්, එය රෝහලේ සත්කාර සේවාවට විශාල භාධාවක් විය හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

පහත දැක්වෙන්නේ මෛත්‍රීපාල සිටිසේනගේ මැර කණ්ඩායමේ සාමාජිකයන් පිරිසකි.