counter hit xanga

පාර්ලිමේන්තු යෝජනාව ගැන ඉදිරි කටයුතු එපා! BASL අගමැතිගෙන් ඉල්ලයි!

Last Updated on April 22, 2021 by Desman Chathuranga

අධිකරණය හමුවේ තිබේන කිසියම් අපරාධ නඩුවක් ඉවත් කර ගැනිම සදහා දේශපාලන පළිගැනීම් වින්දිතයන් පිළිබඳව ජනාධිපති විමර්ශණ් කොමිෂන් සභාවේ යෝජනා පාවිච්චි කිරිමට දරණ ඔනෑම ප්‍රයන්තයක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නීතිඥ සංගමය BASL දැඩිව විරෝධය පලකරන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

කොමිෂන් වාර්තාව මත පදනම්ව ඇමති මණ්ඩලය විසින් 2021 පෙබරවාරි 15 වැනි දින ගන්නා ලද තීරණ් සමහරක් අප්‍රියෙල් 9 වන දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ගොනුකර තිබේන යෝජනාව පිළිබඳව නීතිඥ සංගමයේ විධායක කමිටුව අවධානය යොමුව තිබේ.

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය හරහා දක්වා ඇත්තේ අදාළ යෝජනාව සම්මත වුවහොත් එය නීතියේ අධිපත්‍යයට,අධිකරණයේ ස්වාධීනත්වයට අවමන් කිරිමක් බවයි.

ඒ අනුව අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු නොකර ලෙස ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේන් ඉල්ලිමක් කර තිබේ.