counter hit xanga
March 26, 2023

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය නිවැරදි අවබෝධයෙන් ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනපති කියයි

Last Updated on February 8, 2023 by Dheerasinghe

නිවැරදි අවබෝධයෙන් යුතුව චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය වඩාත් ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීනයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (7) බෙයිජිංහි චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා අධ්‍යයන ආයතනයේදී වැඩමුළුවක් පැවැත්විණ. ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ ජීවගුණය අධ්‍යයනය කිරීම එහි ප්‍රධාන තේමාව විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක්‍ වෙමින් දේශනයක් පැවැත්වීය.

චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය පසුගිය ‍ඔක්තෝබර් මස පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ දී  ඉදිරිපත් කෙරුණු වැදගත් සංකල්පයක් බව හෙතෙම එහිදී කියා සිටියේ ය.එය  චීන කොමියුනිස්ට් පක්ෂය  චීන ජනතාව සමග විවිධ යුගයන්හි විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගනිමින් අතිවිශාල කැපවීම් හා පරිත්‍යාග මගින් ලබා ගත් වැදගත් හා වටිනා චින්තනික සම්පතකි. රටේ ස්ථාවර ආර්ථිකය චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය සඳහා භෞතික සහතිකයකි. නව යුගයේ චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී චින්තනය චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය වෙනුවෙන් චින්තනික මඟපෙන්වීමක් ද වෙයි. එමෙන් ම විද්‍යාව, අධ්‍යාපනය සහ ප්‍රවීණත්වය මෙන්ම රට සවිමත් කිරී‍‍මේ උපාය මාර්ගය සහ ග්‍රාමීය පුනර්ජීවනය ඇතුළු උපාය මාර්ග  චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණයට ශක්තිමත් ක්‍රමෝපායීය පදනමකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සමග නොසැලී බද්ධව සිටිමින් චීන ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය නිවැරදි අවබෝධයෙන් යුතුව ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් අවධාරණය කළේ ය.