counter hit xanga
March 28, 2023

22න් නිසි ඵල නෙලා ගැනීමට තරම් පාලකයන් ප්‍රගතිශීලි නෑ!

Last Updated on November 8, 2022 by Desman Chathuranga

ව්‍යවස්ථා සභාව වෙත පාර්ලිමේන්තුව හා ඉන් පරිබාහිරව සිවිල් සමාජය නියෝජනය කිරීම සඳහා සාමාජිකයන් තෝරාගැනීම මනා විචක්‍ෂණශීලිත්වයෙන් හා පුළුල් දැක්මක් ඔස්සේ සිදුකල යුතු කාර්යයක් බව නිවේදනයක් නිකුත් කරමින් මාර්තු 12 ව්‍යාපාරය පෙන්වා දෙනවා.

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ රටවැසියන් බහුතරයක් ඉමහත් අපේක්‍ෂාවෙන් සිටි පරිදි මෙරටේ පාලන ව්‍යුහයේ අනගි වෙනසක් සිදුකිරීම සඳහා විවර වූ එක් ස්වර්ණමය දොරටුවක් වූයේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. එනමුත් ඉන් නිසි ඵල නෙලා ගැනීමට තරම් අදාළ පාර්ශව ප්‍රගතිශීලි වී නැති බව මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. කෙසේවුවත් යටත් පිරිසෙන් වත්මන් ස්වරූපයෙන් හෝ මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනගත කිරීම පුරවැසි අයිතීන් කෙරෙහි සාධනීය බලපෑමක් කරන්නක් වනු ඇත.

විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව ස්ථාපිත කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් සම්බන්ධයෙන් අදාළ පාර්ශව අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙළ කෙරෙහි මාර්තු 12 ව්‍යාපාරය ඉමහත් අවධානයෙන් පසුවන බව සිහිකිරීම ද මෙම නිවේදනයේ එක් අරමුණකි.

ව්‍යවස්ථා සභාව වෙත පාර්ලිමේන්තුව හා ඉන් පරිබාහිරව සිවිල් සමාජය නියෝජනය කිරීම සඳහා සාමාජිකයන් තෝරාගැනීම මනා විචක්‍ෂණශීලිත්වයෙන් හා පුළුල් දැක්මක් ඔස්සේ සිදුකල යුතු කාර්යයකි. ව්‍යවස්ථා සභාවේ සමස්ත ව්‍යූහය තුළින් රටෙහි ජන විවිධත්වය හා වෙනස් අනන්‍යතා පිළිබඳ හරස්කඩක් පිළිඹිඹු විය යුත්තේය. ඒ හා සමඟ තම සමාජ ක්‍රියාකාරිත්වය, හැකියාව හා හැදියාව ඔස්සේ ජන සම්භාවනාවට ලක්වූ පුද්ගලයන් එහි නියෝජනය දැරිය යුත්තේය. 21 වන ව්‍යවස්ථා සංශෝධනයේ ජීවය ආරක්ෂා වනු ඇත්තේ එවැනි ප්‍රවේශයක් ඔස්සේ පමණක් බව මාර්තු 12 ව්‍යාපාරය දැඩිව අවධාරණය කර සිටී.

ව්‍යවස්ථා සභාවට අමතරව එකී සභාව මඟින් පත්කිරීමට නියමිත කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමේදී ද නිශ්චිත ක්‍රියාපරිපාටියක් අනුගමනය කල යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ අදහසයි. පහත දැක්වෙන්නේ ඒ සඳහා වන සරල ප්‍රවේශයකි.

  1. කොමිෂන් සභා සාමාජිකයන් තෝරා ගැනීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීම නිසැකව ම සිදුකල යුත්තකි. එය විනිවිදබවින් යුත් ප්‍රායෝගික ක්‍රියාවලියක් සඳහා ආදේශ කිරීම යහපත්ය.
  2. කොමිෂන් සභා නියෝජනය සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී එකී සාමාජිකයන්ගේ අදීන පෞරෂය මෙන්ම සුපිළිපන්න පැවැත්ම පරික්ෂා කල යුත්තේය.
  3. අදාළ කොමිෂන් සභා නිලවරම නිශ්චිතව විග්‍රහ කොට ඊට අදාළ පටිපාටීන් ද හඳුන්වා දීම ඉතා සුදුසුය
  4. කොමිෂන් සභා යනු හුදු දෛනික පරිපාලනය කළමනාකරණය සඳහා නිර්මිත ආයතනික ව්‍යුහයක් නොවිය යුත්තේය. එය ප්‍රතිපත්ති සම්පාදනය තුළින් අනාගතවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ විභවතාව සහිත කඩිනම් තීරණ ගන්නා යාන්ත්‍රණයක් විය යුතුය. එපමණක් නොව කොමිෂන් සභා සඳහා සාමාජිකයන් නම් කිරීමේදී දැනටමත් යහපත් ක්‍රියාකාරිත්වයක් දක්වා ඇති සභාපතිවරුන් ප්‍රමුඛ සාමාජිකයන්ගේ සේවය නැවත ලබා නොගැනීමට මෙම නව සංශෝධනය ඉවහල් කර නොගත යුතු බවද අවධාරණය කරන්නෙමු.

කොමිෂන් සභා ස්ථාපිත කිරීමේ මුඛ්‍යාර්ථය වූයේ විශේෂිත කරුණු දෙකකි. එනම් රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීම හා සමස්ත පාලන ව්‍යුහයේ පවත්නා ළබැඳියාවන් අතර ගැටුම අවසන් කිරීමයි. එහෙත් මාර්තු 12 ව්‍යාපාරයේ නිරීක්ෂණය වන්නේ මෙරටේ ස්ථාපිත කොමිෂන් සභා ව්‍යුහය එම අරමුණු ඉටුකරගැනීම සඳහා ඉවහල් වී ඇත්තේ ඉතා අවම වශයෙන් බවයි. කොමිෂන් සභා ක්‍රියාකාරිත්වයේදී අවශ්‍යයෙන්ම පැවතිය යුතු ස්වායක්ත හා ස්වාධීන පැවැත්ම වෙනුවට එය තවදුරටත් දෙපාර්තමේන්තුගත රාජ්‍ය සේවා සංකල්ප ඔස්සේම ක්‍රියාවට නැඟීමේ යල්පැනගිය භාවිතාව මාර්තු 12 ව්‍යාපාරයේ වෙසෙස් අවධානයට ලක්ව ඇත. එබැවින් අනාගත කොමිෂන් සභා පත්කිරීම් යනු රටෙහි අනාගත පැවැත්ම බව සලකා පාලකයන් ක්‍රියා කිරීම මැනවි.

රෝහණ හෙට්ටිආරච්චි
කැඳවුම්කරු
මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව වෙනුවෙන්

The Constitutional Council and Independent Commissions to be established in conjunction with the 21st Amendment to the Constitution

As expected by the majority of countrymen and the community of youth in Sri Lanka with great enthusiasm, the 22nd Amendment to the Constitution was one of the golden gates opened for a great change in the governance structure of the country. But the March 12 Movement observes that the relevant parties have not been progressive enough to secure proper advantage of it. However, popularizing a constitutional amendment, at least in its current form will certainly have a positive consequence on the rights of the citizens.

One of the objectives of this press release is to remind that the March 12 Movement is concerned about the procedure followed by the relevant parties regarding the appointments of the Constitutional Council to be established in keeping with the 21stAmendment to the Constitution.

The selection of members to represent the Parliament and Civil Society in the Constitutional Council is a function that should be accomplished with great prudence and a broader vision. The composition of the entire structure of the Constitutional Council should reflect a cross-section of population diversity and other different identities of the country. Along with that, the people elected to represent the Constitutional Council should consist of those who have been well received by the public in terms of their social obligations, ability and moral behavior. The March 12 movement strongly emphasizes that the spirit of the 21st Amendment to the Constitution could be preserved only through the adoption of such an approach.

The March 12 movement is of the opinion that, in addition to the Constitutional Council, a specific procedure should be followed in appointing members for independent commissions which is expected to be carried out by the Constitutional Council. A simple approach to be followed in this respect is indicated below.

  1. It is imperative that a new set of guidelines for the selection of members for the Independent Commission shall be introduced. It is desirable to have it applied for a transparent and practical process.
  2. When selecting persons to represent the Independent Commission, it is essential that the impartiality of their personality and integrity are checked.
  3. It is extremely appropriate to specifically analyze the terms of reference of relevant commissions and introduce relevant procedures to be adhered to, as well.
  4. The Independent Commissions should not be an organizational structure set up merely to manage day-to-day administration. They should be a speedy decision-making mechanism with high caliber potential to create a futuristic Sri Lanka through policy formulation.

Moreover, we would like to emphasize that, in nominating members for the commissions, this new amendment should not be used to prevent the receipt of the services of Chairpersons and the members who have already performed well.

The main purpose of establishing commissions included two specific concerns, namely to de-politicize the public service and end the conflict between vested interests in the entire governance structure. But the observation of the March 12 movement is that the contribution made by the structure of commissions set up in this country has been very minimal in achieving these goals.

The March 12 Movement has specifically noticed that the Independent Commissions, contrary to the fact that they should necessarily maintain an autonomous and independent existence, have unfortunately inclined to follow the obsolete practices of concepts which are being strictly adhered to by the government departments and the public service. Therefore, in appointing future commissions, the rulers should realize that the future survival of the country depends on these appointments, and act accordingly.