counter hit xanga
March 28, 2023

අටවන විධායක ජනපති අර්බුදයක!

Last Updated on October 2, 2022 by Desman Chathuranga

රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය ආයතනවල කිසිම තනතුරකට එජාපයට සම්බන්ධ පුද්ගලයෙක් පත් කිරීමට තරම්වත් ජනාධිපති රනිල් වික්‍රමසිංහහට හැකියාවක් නොමැති බව මේ වනවිට අනාවරණය වි තිබේ.ඊට හේතු වි ඇත්තේ තනතුරු සදහා නම් නිර්දේශ කිරිම මෙන්ම තනතුර සදහා පත්කිරිම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගේ ඒකාධිකාරය යටතේ සිදුවිමයි.

අටවන විධායක ජනාධිපතිවරයා නැටවෙන ජනාධිපති බවට පත්ව සිටින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

මේ අතර පොහොට්ටු පක්ෂය යෝජනා කර තිබෙන මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර මෙම සතිය තුළ ලබාදීම මහජන විරෝධය හමුවේ තව දුරටත් කල් දැමීමට රනිල් වික්‍රමසිංහට සිදුවී තිබේ.

එම ඇමති ධුර පත් කිරීමේදී පොහොට්ටු පක්ෂයෙන් ලබාදී තිබෙන ලේඛනය අනුව පත් කිරීම් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහට නොහැකි වී තිබේ. පසුගිය කාලයේ දැඩි ජනතා විරෝධයට පාත්‍රවූ මන්ත්‍රීවරුන්ගේ නම් ගණනාවක් ඒ අතර පවතී. ඔවුන්ට කැබිනට් ඇමති ධුර හෝ රාජ්‍ය ඇමති ධුර ලබාදීමෙන් රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් රනිල් වික්‍රමසිංහට විරුද්ධව දැඩි බලපෑම් එල්ල වනු ඇති බවට මේ වෙනවිට තහවුරු වී තිබේ.

යම් හෙයකින් අමාත්‍යධුර ලබාදිම අටවන ජනපති තවදුරටත් මගහැර යන්නේ නම් පාර්ලිමේන්තුවේ ජනපතිට සහය පලනොකිරිම සදහා තින්දුවක් ගන්නා බවයි පොහොට්ටුවේ ප්‍රබලයෙකු සදහන් කර ඇත්තේ.

රනිල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ බැසිල් රාජපක්ෂගේ සිරකරුවෙකි!

ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ වැඩ භාරගෙන අදට දින 80කට ආසන්නය. කෙසේ වෙතත්, රනිල්ට තමාගේම කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දීමට නොහැකි වී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද කැබිනට් මණ්ඩලය සමග ඔහු තවමත් වැඩකරමින් සිටි. සිදුකල එකම වෙනස හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් වෙනුවට අලි සබ්රි පත් කිරිම පමණි එයද ගෝඨාභයගේ නියෝගය මත සිදුවුවකි.

ජනපතිකම අහම්බෙන් තම ඔඩොක්කුවට පතිත වූ විට පවා – සුළු පෞද්ගලික කාරණාවලින් ඔබ්බට යාමට තමාට නොහැකි බව වික්‍රමසිංහ යළිත් වරක් පෙන්වා දී ඇත

අපේ ව්‍යවස්ථාදායකයේ දැනට වාසය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් කැබිනට් මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ තමාට ඇති හොඳම දක්ෂතා තෝරා නොගන්නේ මන්ද?

සාධාරණව කිවහොත් වික්‍රමසිංහට ඇත්තේ දරාගත නොහැකි උභතෝකෝටිකයකි. ඔහුට සමූහ වශයෙන් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිසා මන්ත්‍රීවරුන් 225කින් යුත් පාර්ලිමේන්තුවකින් ඡන්ද 134ක් ලබාගෙන ඔහුට ජනාධිපති විය හැකිය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු බහුතරයක් තවමත් රඳවාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ නිසා වික්‍රමසිංහට පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කර ගැනීමට විශ්වාසය තැබිය යුතු වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මේ සියලු හේතූන් නිසා, වික්‍රමසිංහ ජනාධිපති ලෙස ඔහුගේ පැවැත්ම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැඳී සිටී. කෙටියෙන් කිවහොත් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ බැසිල් රාජපක්ෂගේ සිරකරුවෙකි.