counter hit xanga
March 28, 2023

අටවන ජනපති මුක්තිය අස්සේ හැංගෙයි!

Last Updated on September 26, 2022 by Desman Chathuranga

පාස්කු ඉරුදින ප්‍රහාරයට එරෙහිව සුදුසු පියරක් ගන්නා ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරු හැටියට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහඑම වගඋත්තර කාර භාවයෙන් ඉවත් කරන බව සත්පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යාවථාවේ 35 – 1 වගන්තිය යටතේ ජනාධිපති ධූරය දරණ පුද්ගලයකුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රධාන සත්පුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කර සිටියේ.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් නම් කර ඇති රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාය. එබැවින් ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ද සත්පුද්ගල විනිසුරු මඩුල්ල ලබා දුන් නියෝගයේ සඳහන් වේ.

2019 වසරේ රනිල් අගමැතිවරයාව සිටි සමයේ අන්තවාදී කණ්ඩායමක් හරහා රාජ්‍යතාන්ත්‍රිකව සැලසුම් කරන ලද ප්‍රහාරයක් පාස්කු දිනයේ දේවස්ථාන ඉලක්ක කර එල්ල කල අතර එම ප්‍රහාර වලින් 260ක් ජිවිතක්ෂයට පත්වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතල මෙන්ම විවිධ තුවාල වලට ලක්වුනා.

එම ප්‍රහාරය එවකට ජනපති සිටි මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ ඇතුලු ආරක්ෂක බලධාරීන් රැසක් දැන සිටි අතර එය දේශපාලන වාසී ගැනිම වෙනුවෙන් සැලසුම් කල එකක් බවටද මේ වනවිට පවතින සාක්ෂී අනුව අනාවරණය වි තිබේ. තත්ත්වය මෙසේ පවතිද්දි අදාළ ප්‍රහාරයට වගකිවයුතු එවකට පාලන බලය මෙහෙයවු පාලකයන් ව්‍යවස්ථාවේ විවිධ වාක්‍ය බාවිතා කරමින් තමන්ගේ ගැලවිමේ මාර්ගය සකස් කරගනිමින් සිටි.

කෙසේවෙතත් රනිල්ට ඇත්තේ මේ ජනපති පට්ටම පවතින තුරු සැඟවී සිටිමේ අවස්ථාවක් පමණී.මන්ද එම වරද සිදුවන අවස්ථාවේ රනිල් ව්‍යවස්ථාදායකය මගින් පත්වු අගමැතිවරයෙකු පමණී. ඒ අනුව මේ ඇටවු ජනපතිකම නැතිවු සැනින් යලිත් ඔහු මෙම නීතිමය තත්ත්වයට මුහුණ දිමට සිදුවනු ඇත.