Last Updated on April 21, 2021 by Desman Chathuranga
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පාස්කු ප්‍රහාරය එල්ල වී දෙවසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවති ‘ දෙවසරක පාස්කු කඳුළ’ වැඩසටහනට එක්වෙමින් හිමිපාණන් සදහන් කළේ අප්‍රේල් 21 වැනිදා දිනය අමතක නොවන ඛේදනීය දිනයක් ලෙස ඉතිහාසයට එක්වන බවත් කාලයේ ඇවෑමෙන් සියල්ල යටපත් කර සත්‍ය වලදමා වැරදිකරුවන් නිවැරදිකරුවන් බවට පත්කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයට සම්බන්ධවීමට කිසිසේත්ම සූදානම් නැති බවයි.
වසර දෙකක් ගතවුවත් මේ මිනිස් සංහාරය සිදුකළේ කවුද, කුමන හේතුවකටද? කාගේ උවමනාවකටද යන්න රටට හෙළිදරව් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, ඊට අදාළ රජයේ අනෙකුත් ආයතනත් අපොහොසත් වී තිබීම විශාල ප්‍රශ්නාර්ථයක් බවද කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කර සිටියා.
රටේ සෙසු අපරාධ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල දැඩි කාර්යක්‍ෂමතාවයක් දුටුවද කිසිකෙනෙකුට වරදක් නොකළ දරුවන් 68ක් සහ වැඩිහිටියන් 201 ක් ඇතුළු 269 දෙනෙකු අමුඅමුවේ ඝාතනය කළ මේ කුරිරු මිනීමැරුම කෙරෙහි ක්‍රියාත්මක නොවීම ගැටලුකාරි බවයි හිමිපාණන් සදහන් කළේ.
පැවති රජයත්, වත්මන් රජයත් පෙන්වන උදාසීනබව, දේශපාලන සුළඟ හමන පැති අනුව තීරණ ගන්නා, ලිස්සා යන සුළු ක්‍රියා පිළිවෙත පිළිබඳව බලවත් ශෝකයක් පවතින බවත් එම ක්‍රියාදාමය පිටුපස බොහෝ විට දේශපාලන අරමුණු තිබෙන බව කාටත් පැහැදිලි වෙමින් තිබෙන බවයි කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?