Last Updated on May 16, 2021 by Panduka Herath
යන්තම් දින තුනක කාලයකට පමණක් රට වසාදැමීම තුළ කොතරම් පීඩනයක් ඇතිවන්නේද යන්න දැන් ජනතාවටම ප්‍රායෝගිකව අත්දකින්නට සිදුව ඇති බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. රටම ලොක්ඩවුන් කරන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් එයින් සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩාව දැන දැනම වුවත් ආණ්ඩුව එම තීරණයට නොගිය හේතුව දැන් පෙනෙන්නට තිබේන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඊයේ (15) පිටකොටුව ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ..
“පසුගිය කාලය තුළ විපක්ෂය විශාල වශයෙන් දිගින් දිටම දිගටම මුළු රටම ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න කියලා විශාල උද්ඝෝෂණයක් විශාල චෝදනාවක් රජයට එල්ල කළා. දින තුනක කාලය තුළ ලොක්ඩවුන් කළාම කොටස් වශයෙන් කළත් ඇතිවෙන පීඩනය දැන් ජනතාවට පැහැදිලියි. ගොවියො ගත්තත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවො ගත්තත් ඕනෙම ලොක්ඩවුන් කිරීමකදි ඉතා විශාල පීඩාවකට සාමාන්‍ය පොදු ජනතාව පත්වෙනවා. රජය වශයෙන් අපි ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික රටපුරා බෙදාහැරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා”
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!