Last Updated on May 18, 2021 by Panduka Herath
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ අනුව එම පනත පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරයකින් සම්මත කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අද පෙරවරුවේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර එම පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට එහි සදහන් කර තිබුනා.
වරාය නගර ආර්ථික කොමිෂන් (Port City Economic Commission) පනතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සංශෝධනය කිරීම හෝ ජනමත විචාරණයකින් සම්මත වුවහොත් වලංගු කළ හැකි බව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දි තිබුනා. ඒ අනුව අදාළ වගන්ති සංශෝධනය කිරිම හරහා සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ පනත සම්මත කල හැකි වනවා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මැයි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර තිබේ.මැයි 19 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය.
මැයි 20 වැනිදා සවස 4ට ඡන්ද විමසීම පැවැත්විමට තීන්දු කර තිබේ.
Such important laws cannot only be passed in parliament just because of 2/3 majority it has to be approved by the people and it has to go for an referendum this is not a joke this is the sovereignty of the country Mr. Rambukkwella may be for you it seems only topass in parliament No way we don’t want to have severe repercussions for the next Generation that will curse us first place until the Chinese president came and laid the foundation stone the people didn’t know anything Shame A new constitution a must abolishing the executive presidency and electoral reforms
[url=http://cheapdrugs.store/#]how to treat ed[/url]