Last Updated on April 22, 2021 by Desman Chathuranga
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතෙහි මූලික අරමුණ ජාතික සංවර්ධනය සහ ජාතික ආර්ථික සංවර්ධනය වන අතර එම කොමිසමේ සියලු කටයුතු ජනාධිපතිතුමාගේ අනුමැතිය, පාලනය සහ අධීක්ෂණය යටතේ සිදුවන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අවධාරණය කරනවා.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් විශේෂ පෙත්සම් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලු අවස්ථාවේ අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ගොනු කළ අතරමැදි පාර්ශව පෙත්සම වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව අවධාරණය කළා.
එම නගර කලාපය ඉදිකිරීමට ජාතික සංවර්ධනය, ජාතික ආර්ථික සංවර්ධනය පිළිබඳව අපේක්ෂා කරන කිසිවකු විරුද්ධ නැති අතර, රජයේ මුදල් එකදු සතයක් හෝ වියදම් නොකර විශාල ආදායමක් ලබාගැනීමේ අවස්ථාව රජයට මෙමඟින් ලැබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.
මෙම කොමිසම සාමාජිකයන් පහට නොඅඩු හතට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වන බවත් ඔවුන් පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2, 4 ව්‍යවස්ථා අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා විසින් බවද නීතිඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුව ජනතා පරමාධිපත්‍යය පිළිබඳව සඳහන් වෙනවා. එය ස්වෛරීභාවයෙන් වෙනස් වූවක්. පරමාධිපත්‍යය යනු බලයයි. එය ජනතාවගෙන් එන පූර්ණ බලයයි. ජනතාවගේ බලය ක්‍රියාත්මක කිරීම එහිදී අදහස් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය විධායක බලය සහිත ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වෙනවා. ජනතා පරමාධිපත්‍යය ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. එහි එක් ආකාරයක් ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වෙනවා.
මෙම පනත් කෙටුම්පතේ හැඳින්වීමේ සඳහන් වෙන්නේ ජාතික ආර්ථිකය සහ ජාතික සංවර්ධනය සඳහා වෙන්වූ ආර්ථික කලාපයක් ස්ථාපිත කළ යුතු බවයි. ලංකාවේ සංවර්ධනය උදෙසා විශේෂ ආර්ථික කලාපයක් ඉදි කළ යුතුය යන සංකල්පය සැමදෙනාම අවිවාදයෙන් පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් ද එම සංකල්පය පිළිගන්නවා. එම සංකල්පයට කිසිවකු විරුද්ධත්වයක් පළ කර නැහැ. එහි ඇතැම් කරුණු පමණයි අභියෝගයට ලක් කරන්නේ. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයට කිසිදු පෙත්සම්කරුවෙකු විරුද්ධ නැහැ.
මෙම කලාපයේ පරිපාලන, ව්‍යාපාර, ආර්ථික, නීති රෙගුලාසි සැකසීම යනාදි සියලු බලය විශේෂිත කොමිසමකට පැවරෙනවා. මේ සම්බන්ධ මූලික සැලසුම සකස් කළේ ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතුවයි. මෙම කොමිසම මඟින් ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයාගේ සංකල්පයි. ඒ හැර වෙන කිසිවක් නැහැ. ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමටත් ඇතැම් වගන්ති සංශෝධනය කිරිමටද විනිසුරුවන් නිර්දේශ කර තිබේ.
port city economic commission
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!