counter hit xanga
October 22, 2021

නීතියේ ආධිපත්‍යය දුර්වල කළා – UNHRC

දුමින්ද සිල්වා ඇතුළු බොහෝ වැරදිකරුවන්ට ජනාධිපතිවරයා අද සමාව දී තිබේන බැවින් එය ඉතා ධනාත්මක වර්ධනයක්- නාමල්

Last Updated on June 24, 2021 by Panduka Herath

දුමින්දට ලබා දුන් ජනාධිපති සමාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හෙළා දකිමින් twitter පණිවිඩයක් තබා තිබේ.

හිටපු මන්ත්‍රීවරයකු වන දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම නීතියේ ආධිපත්‍යය දුර්වල කරන සහ වගවීම අඩපණ කරන අත්තනෝමතික ක්‍රියාවලියට උදාහරණයක්.

මේ අතර දුමින්ද සිල්වා ඇතුළු බොහෝ වැරදිකරුවන්ට ජනාධිපතිවරයා අද සමාව දී තිබේන බැවින් එය ඉතා ධනාත්මක වර්ධනයක් යැයි තමන් විශ්වාසය කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය රජය සමයේ දුමින්ද සිල්වාට විශාල අසාධාරණයක් සිදු වු බවත් සිරගතව සිටින රංජන් රාමනායක මහතා හරහා එලියට ආ හඩපට තුලින් එය තහවුරු වන බවද අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

කෙසේවෙතත් දුමින්ද සිල්වාට දුන් තීන්දුව සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන පවතින බව ද නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.