counter hit xanga
March 26, 2023

පොලොන්නරුවට ආ හෙලිකොප්ටරේ රහස!

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 15ක් පමණ වේ.

Last Updated on June 22, 2021 by Desman Chathuranga

පොලොන්නරුවෙහි සුප්‍රසිද්ධ සහල් ව්‍යපාරයක් වන ‘නිව් රත්න සහල්’ සමාගම අයත් New Rathna Rice (Pvt) Ltd මගින් “Rathna Aviation” නමින් පෞද්ගලික ගුවන් සමාගමක් පිහිටුවා තිබේ.ඒ පසුගිය දිනවල කතාබහට ලක්වු මිලදී ගත් හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින්.

මෙම ගුවන් සේවය හරහා අතිවිශේෂිත පුද්ගලයන්, දර්ශන නැරඹීම සඳහා වන ගුවන් ගමන්, ගුවනේ සිට මල් ඉසීම්, මංගල උත්සව ඇතුළු අවස්ථා සඳහා ප්‍රවාහන පහසුකම් යනාදිය සැපිරීම සිදු කරන බව රත්න ඒවියේෂන් ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

මංගල උත්සව අවස්ථාවන් සඳහා රුපියල් 89,000ක විශේෂිත ප්‍රවර්ධන පැකේජයක්ද හඳුන්වා දී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 15ක් පමණ වේ.

පොලොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු හෙලිකොප්ටර් යානයක් මිලදී ගෙන ඇති බවට වන රාවයක් පසුගිය සතියේදී මාධ්‍ය හරහා කතාබහට ලක් වු අතර එහිදි පලමුව අවධානය යොමු වුයේ අරලිය වෙළෙඳ නාමය යටතේ සිරිසේන මහතා වෙතයි. නමුත් එය මිළදි ගෙන තිබුනේ පොලොන්නරුවේ සුප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයෙකු වන ලංකේශ්වරගේ මිත්‍රපාල මහතායි.