counter hit xanga

රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි

Last Updated on April 24, 2021 by Desman Chathuranga

රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අද (23) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරතවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කාලීන අභියෝග හමුවේ රාජ්‍ය බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළව මෙම හමුව පැවැත්විණි.

1996 වර්ෂයේ සිට නවතා දමා තිබූ මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරී විශ්‍රාම වැටුප 2014 වර්ෂයේ දී අතිගරු ජනාධිපතිතුමන් ලෙස නැවත ලබා දීම සම්බන්ධව ප්‍රගති බැංකු සේවක සංගමයේ සාමාජිකයෝ මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කර තිබේ.

විශ්‍රාම වැටුප් වල තවදුරටත් පවතින ගැටලු නිරාකරණය කරදීම පිළිබඳව අවධානය මෙහි දී යොමු වි ඇති අතර මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර තිබේ.

අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, ප්‍රගති බැංකු සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ, ප්‍රධාන ලේකම් ඒ.කේ බණ්ඩාර මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.