counter hit xanga
March 28, 2023

රනිල්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක්!

Last Updated on November 10, 2022 by Desman Chathuranga

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව රඳවා තබාගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් වහාම මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරියට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළා.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් වෙනුවෙන් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ඉදිරිපත් කළා.

වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හිමියන් අත්අඩංගුවට ගෙන රනිල් වික්‍රමසිංහගේ නියෝග මත රඳවා තබාගෙන මේ වන විට මාස තුනකට ආසන්න වී ඇත. එම කාලය අතරතුර තැනින් තැනට ගෙනයමින් රඳවා තබාගෙන සිටි අතර දැඩි රෝගී තත්වයන් පවා නොසලකා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට ආණ්ඩුව ක්‍රියා කළා.