counter hit xanga
October 18, 2021

X–Press Pearl දේශපාලන මුහුණු ගැන ඇමති කියයි!

Rohitha AbeygunawardhanaN lankaecast
මැයි 24 වන දින පස්වරුවේ සිට 26 වන දින අලුයම දක්වා නොට් 30 ට වැඩි දැඩි සුළං හේතුවෙන් වරාය අධිකාරිය සතු මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියව අක්‍රිය වූ බවත්, එකී හේතුවෙන් පැය 39 ක කාලයක් වරාය කටයුතු වල ඇනහිටීමක් සිදු වුනා.

Last Updated on June 3, 2021 by Panduka Herath

නෞකාව ගිනිගැනීම සම්බන්ධව සිදු වූ කරුණු කාරණා හරි හැටි නොදැන යම් යම් පාර්ශ්ව විසින් සිද්ධියට දේශපාලන මුහුණුවරක් ලබා දීමට උත්සහ කරන බව හා යම් යම් අර්ථකතන ලබා දීමට කටයුතු කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී X–Press Pearl නෞකාවේ ඇත්ත කථාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව කිසි දිනෙක වගකීම් පැහැර හරින ආණ්ඩුවක් නොවන බවයි.

පසුගිය දින ගිනිගෙන විනාශ වූ X–Press Pearl නෞකාව හා සිද්ධිය අහඹු ලෙස සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් බවත්, සිදු වූ දේ සම්බන්ධව හා පාරිසරික ගැටළු පිළිබඳව යම් කෙනෙක් සද්භාවයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ නම් ඊට රජයක් ලෙස ස්තූතිය පළ කර සිටින නමුත්, එලෙස නොකර දේශපාලන මුහුණුවරකින් මත ප්‍රකාශ කිරීම ඉතාම පහත් දේශපාලනයක් බවට තමන් දකින බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

වත්මන් ආණ්ඩුව කිසි දිනෙක වගකීම් පැහැර හරින ආණ්ඩුවක් නොවන අතර මේ ගතවන මොහොතේ දී ත් මෙම සිද්ධියට අදාළ ආයතන හා එක්ව නෞකාවෙන් පරිසරයට සිදු විය හැකි හානි තවදුරටත් අවම කර ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන්න පිළබඳව විමසිලිමත් වෙමින් එම කාර්යයන් හි නිරත වෙමින් තිබෙන බවත් මෙවන් අවස්ථාවක බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.

2019 වසර වන විට කොළඹ වරාය මඟින් 4198 ක් හා 2020 වසරේ දී 3806 ක නව මෙහෙයුම් කටයුතු සිදු කර තිබේ. 2021 වසරේ සිට මේ වන තෙක් නැව් 1521 ක් නැව් මෙහෙයුම් කටයුතු සිදු කර තිබේ. මෙලෙස විශාල ප්‍රමාණයක නැව් මෙහෙයුම් සිදු කරන නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

එවන් විටෙක මෙවැනි දෑ බලාපොරොත්තු විය හැකි බවත්, අප රටේ පරිසර හානි, සමුද්‍ර දුෂණ, වායු දුෂණවැනි දේ සිදු වන්නේ නම්, ඊට රජයක් ලෙස සම්පූර්ණයෙන්ම විරුද්ධ වන බවත්, මේ සම්බන්ධයෙන් රජයක් ඉදිරියටත් සිදු විය යුතු හා කළ යුතු සියලු ක්‍රියාමාර්ග සිදු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

මාධ්‍ය හමුවට එක්වු වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා

DAYA

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වෙමින් වරාය අධිකාරියේ සභාපති ජනරාල් දයා රත්නායක මහතා කියා සිටියේ නෞකාව ගිනි ගැනීම පාලනය කර ගත නොහැකි වීමට මුහුදේ පැවති අයහපත් කාළගුණ වාතාවරණය මඟින් බොහෝ සෙයින් බලපෑම් ඇති කල බවයි.

නොට් 30 ට වැඩි දැඩි සුළං පැවතිය හොත් වරාය අධිකාරියේ මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියව අක්‍රිය වන අතර 24 වන දින පස්වරුවේ සිට 26 වන දින අලුයම දක්වා මෙරට මුහුදු කලාපයේ පැවති දැඩි අහිතකර කාළගුණ තත්ත්වය හේතුවෙන් වරාය අධිකාරිය සතු මෙහෙයුම් පද්ධතිය ස්වයංක්‍රියව අක්‍රිය වූ බවත්, එකී හේතුවෙන් පැය 39 ක කාලයක් වරාය කටයුතු වල ඇනහිටීමක් සිදු වූ බවත් ඒ මහතා මෙහි දී අනාවරණය කර සිටියේය.

ඒ අනුව, දිනකට කොළඹ වරායේ බහලුම් 20,000 ක් පමණ හසුරවනු ලබන නමුත් එකී පැය 39 තුළ දී සිදුව ඇත්තේ බහලුම් 208 ක් පමණක් බවත්, කොළඹ වරායට ජාත්‍යන්තරයේ සහ කලාපයේ මෙවැනි අවස්ථාවල ක්‍රියාකරන ආකාරය පිළිබඳව ඉතාමත් හොද ඉතිහාසයක් හා කීර්ති නාමයක් තිබෙන බවත් දයා රත්නායක මහතා කියා සිටියා.

වසර 40 ක පමණ කාලය සිට ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව ව්‍යාපාර සිදු කරන සිංගප්පුරුවේ XCL ආයතනය සතු වූ මෙම නෞකාව පැමිණීමට නියමිතව තිබුනත් මෙරට කලාපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා 19 වන දින කොළඹ වරායට පැමිණ ඇති අතර, මිට පෙර මෙම නෞකාව මෙම වසරේ දී දෙවතාවක් මාර්තු මස දී සහ අප්‍රේල් මස කොළඹ වරායට පැමිණ තිබේන බවද එහිදි අනාවරණය වුනා.