counter hit xanga
February 3, 2023

“ත්‍රි’මලේ පෞද්ගලික ජැටි දෙකට වසර 19ක් වරාය ගාස්තු ගෙවා නෑ!

Last Updated on September 11, 2022 by Desman Chathuranga

වරාය අධිකාරිය විසින් ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික අංශයට ලබා දී තිබෙන ත්‍රීකුණාමල වරායේ පෞද්ගලික ජැටි දෙක සඳහා වසර 19ක් තිස්සේ වරාය ගාස්තු ගෙවා නැති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරනවා.

ඒ අනුව 2003 වසරේ සිට 2022 දක්වා වසර 19ක කාළයට අදාලව එම පෞද්ගලික ජැටි දෙක සඳහා ගෙවිය යුතු මුදල් ගෙවා නොමැති නමුත් මේවා නැවත අයකරගැනීමට වරාය අධිකාරිය කටයුතු කර නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව, ත්‍රිකුණාමලය වරායට අයවිය යුතු මුදල් ලෙස එක් සමාගමක් ඩොලර් අනූතුන් ලක්ෂ අනූදෙදහස් පන්සිය විසි එකක් ද අනෙක වරායට ඩොලර් අසූ දෙලක්ෂ හැටපන්දහස් පන්සිය තිස් නවයක් 2003 වසරේ සිට අඛණ්ඩව වාර්ශික ගෙවා නෑ.

මෙරට පිහිටි වරායන් අතුරින් ගැඹුරුතම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලය වරායේ සේවකයෝ 470ක් හා විධායක ශ්‍රේණියේ නිලධාරීහු 6 දෙනෙක් මෙහෙයවති.

වරායට එන සෑම නැවක් ම නැව් ගාස්තු ගෙවිය යුතු නමුත් අදාළ සමාගම්වල අමුද්‍රව්‍ය ගේන නැව්වල නාවික ගාස්තු මග හැර ඇති අතර සෙසු ගාස්තු පූර්ණ කාලීනව නිදහස් කරගෙන තිබීම විමතියට කරුණක් බව වරාය සේවකයන් සදහන් කර තිබේ.