counter hit xanga

අලි මන්තරේ ලගදිම වැඩ!

Last Updated on May 6, 2021 by Panduka Herath

ඉදිරියේ දී  ක්‍රියාත්මක කළ යුතු එජාප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල අංගසම්පූර්ණව සකසා අවසන් බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (6) දැනුම්දි තිබේ. එජාප ජ්‍යෙෂ්ඨයන්  “සූම්” තාක්ෂණය ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පවත්වා තිබේ.

අංගසම්පූර්ණව සැකසූ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු දින වකවානු තමන් ඉදිරියේ දී දැනුම් දෙන බව රනිල්  වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රතිසංවිධාන වැඩසටහන සිදු කෙරිණි .