counter hit xanga
March 28, 2023

යුක්තියේ රෝද සෙමින් කැරකෙනු ඇත! – තගදාන පොලිසියට BAR සභාපති අනතුරු අගවයි!

Last Updated on October 11, 2022 by Desman Chathuranga

නීතිවිරෝධි නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරින් ට කෙදිනක හෝ තම නීතිවිරෝධි ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලීය පීරිස් පවසනවා.

ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ නිලධාරින් ට ඒවායේ ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවන විටදි ඔවුන්ගේ ස්වාමිවරුන් ඔවුන් සමඟ නොසිටින බවයි.

“තමන්ගේ ලොක්කන් තෘප්තිමත් කිරීම සඳහා නීතිවිරෝධි ක්‍රියාවන්හි යෙදි මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරින්ට ඔවුන්ගේ වැරදි වලට වන්දි ගෙවීමට සිදුවන ආකාරය මම දැක් ඇත්තෙමි. ඇතැමුන්ට එම සාපරාධි ක්‍රියාවන්ට වන්දිගෙවා උසස්වීම් අහිමි විය. තවත් සමහරුන්ට සිර දඩුවම් වලට මුහුණ දීමට සිදුවිය. මේ දේවල් සිදුවෙද්දි ඔවුන්ව ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සාමිවරුන් කෙදිනක හෝ සිටියේ නැත. ඔවුනට තනිවම ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවිය. යුක්තියේ රෝද සෙමින් කැරකෙනු ඇත. ” සභාපතිවරයා සඳහන් කොට ඇත.