counter hit xanga
March 28, 2023

“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ

Last Updated on March 16, 2023 by Dheerasinghe

“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව අද(16) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය විසින් පළ කරන ලදී. එම ධවල පත්‍රිකාවෙන් චීනයේ අන්තර්ජාල නීති පද්ධතිය ගොඩනැගීම පිළිබඳව සවිස්තරාත්මකව හඳුන්වා දෙන අතර, ඒ පිළිබඳ අත්දැකීම් සහ භාවිතය ද පැහැදිලි කර ඇත.
මෙම ධවල පත්‍රිකාවට අනුව, නීතියට අනුව රට පාලනය කිරීම සහ නීතියට අනුව අන්තර්ජාලය පාලනය කිරීම යන සංකල්පයට චීනය සෑමවිටම අනුගතව කටයුතු කරයි. නීතියට අනුකූලව අන්තර්ජාලයේ ක්‍රමවත් සහ විධිමත් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කෙරේ. නීතියේ ආධිපත්‍යයේ බලය සමඟ ඩිජිටල්කරණයේ ඉහළ සංවර්ධනයක් අපේක්ෂා කරන අතර, ශක්තිමත් අන්තර් ජාලය සහිත රටක් ගොඩනැගීමට චීනය ප්‍රබල, පැහැදිලි නීතිමය සහතිකයක් ලබා දෙනු ඇති බව, ධවල පත්‍රිකාවෙහි සඳහන් කෙරේ.
ඩිජිටල්කරණයේ අවස්ථා සහ අභියෝගවලට මුහුණ දීමේ දී, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ, පුළුල් සාකච්ඡා, ඒකාබද්ධ දායකත්වය සහ හවුල් ප්‍රතිලාභ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට චීනය කටයුතු කරයි. එමෙන්ම, ගෝලීය අන්තර්ජාල පාලනය නීතිගත කිරීමේ ක්‍රියාදාමය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමට චීනය පියවර ගනී. මනුෂ්‍ය වර්ගයාට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව, ඩිජිටල් ශිෂ්ටාචාරයේ ප්‍රතිඵල විවිධ රටවල ජනතාවට සුබසෙත ලබා දීමටත්, සයිබර් අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට අත්වැල් බැඳගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව, මෙම ධවල පත්‍රිකාවේ සඳහන් කෙරේ.