counter hit xanga
March 26, 2023

ඇමති බරට එරෙහිව කාන්තාව පාරට එයි!

Last Updated on September 24, 2022 by Desman Chathuranga

ජිවන වියදම ඉහල යාම , ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාමට විරෝධය පාමින් අයිතින් උදෙසා වු කාන්තා සංවිධානය (18) දින දහවල් හැටන් නගරයේදි උද්ඝෝෂණයක නිරත විය.

සාගතයේ අරගලය යන මැයෙන් හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ කාන්තාවන් පිරිසක් රැස් වෙමින් මෙම උද්ඝෝෂණය සිදු කරනු ලැබුහ.

අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය සරෝජා සවිත්‍රි මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ජිවන වියදම සහ භාණ්ඩ මිල ඉහල යාම හමුවේ වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත රටේ ජනතාව කුසගින්නේ සිටිමට සිදු වි ඇති බවයි.

ආර්ථික තත්ත්වයෙන් පහල මට්ටමක සිටින රටේ ජනතාව දිනකට එක් වේලක් පමණක් ආහාරයට ගෙන ජිවත් විමට සිදු වි ඇති බවත්, පවත්නා තත්ත්වය මත එම අයට කුසගින්නේ සිට මියයාමට සිදු වි ඇති බවයි.

රටේ පාලකයින් මේ සදහා කඩිනම් විසදුම් ලබාදිය යුතු බවද අයිතින් උදෙසා වු කාන්තා සංවිධානයේ සභාපතිනිය වැඩිදුරටත් පැවසිය.