Last Updated on April 12, 2021 by Panduka Herath
හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවිමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු බරපතල ලෙස තුවාල ලබා සිටි තරුණයා ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. (12) දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නගරයේ දුම්රිය පාලම අසලදිය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්ත පහල කොටසේ පදිංචි එම්.කරුණාකරන් නැමති 32 හැවිරිදි විවාහක තරුණයෙකි. හැටන් විග්ටන් සිට හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයකට ජිවිතක්ෂයට පත් තරුණයා සහ තරුණිය ගැටි මෙම අනතුර සිදු වි ඇත.
ජිවිතක්ෂයට පත් තරුණයා සහ තුවාල ලැබු තරුණිය හැටන් නගරය දක්වා මාර්ගය අභියස පයින් ගමින් කරමින් සිටියදි පසුපසින් ධාවනය වු පෞද්ගලික බස් රථයේ දෙදනාම ගැටි අනතුර සිදු වි ඇති අතර, බස් රථයේ ගැටුණු තරුණිය ඉදිරියට විසි වි ඇති බවත් , තරුණයා බස් රථයේ පිටුපස රෝදයට යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.
බස් රථයේ රියදුරා සහ බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබු තරුණියගේ තත්ත්වයද බරපතල බවයි දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.
~~හැටන් රංජිත් රාජපක්ෂ~~
cialis ontario generic version of cialis
ivermectin uk stromectol
cheap cialis uk tadalafil
cialis genetic tadalafil 20mg best price