counter hit xanga
October 26, 2021

සබජට පාරාවළල්ලක් වු මහමොළකරු ගැටලුව සිරස ගොඩදායි!

Last Updated on May 18, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව්ව කිරීම තහනම් කිරිමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තින්දුව ඔහුටම පාරාවළල්ලක් වි තිබේන බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මාධ්‍ය හරහා සජිත්ගේ තහනම අනාවරණය විමත් එම තහනමට එරෙහිව තරුණ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කැරලි ගැසීම හේතුවෙන් සජිත් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අනාථ වි සිටි බවයි වාර්තා වන්නේ.

තහනම පනවන අවස්ථාවේ නොසිටි සහ එයට විරුද්ධව කටයුතු කල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම SJB ජ්‍යෙෂ්ඨයන් හමුවි සිය අප්‍රසාදය පලකර ඇති අතර දිගින් දිගටම මේ අකාරයේ තීරණ ගන්නේ නම් පක්ෂය අතහැර ස්වාධීන විම හෝ එක්සත් ජාතික පක්ෂය සමග එක්විම හැර වෙනත් විකල්පයක් නොමැති බව දැනුම් දි තිබේ. අදාළ තහනම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් කිහිප දෙනා රනිල් වික්‍රමසිංහ මහතා සමගද සාකච්ඡා පවත්වා තිබේන බවද අනාවරණය වි තිබේ.

මේ අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊයේ පවත්වා තිබේ. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිදරව්ව කිරීමට බාධා පමුණුවන බව සම්බන්ධයෙන් පලවන අසත්‍ය වාර්තා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දුන් අතර අදාල වාර්තා අසත්‍ය බවට යෝජනාවක් ද සම්මත කරග ගෙන තිබේ.

එම යෝජනාව් සම්මත කර ගැනිම හදිසියේ සිදුව ඇති අතර ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ 30 වැනිදා විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා සිරස මාධ්‍ය සමග කරන ලද විශේෂ සාකච්ඡාවයි.

“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර සිටියා.”

“මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය විසින් මහමොලකරු යැයි පවසන නවුෆර් මවුලවී ඇතුළු සැකකරුවන් රැසක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව පැවසූ නීතිපතිවරයා කියා සිටියේ නවුෆර් මව්ලවි මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් මෙන්ම කණ්ඩායමේ නායකයා වුවත් මහමොලකරු මොහු බවට නිශ්චිතවම තවමත් කිව නොහැකි බවද නීතිපතිවරයා සදහන් කර තිබේ.”

ඒ සමගම අදාළ යෝජනාව සජිත්ගේ නායකත්වයෙන් යුතු සමගී ජන බලවේගය සම්මත කර ගැනිමට කටයුතු කර තිබේන අතර එහි දක්වා ඇත්තේ “නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම වැනි අයිතීන් පිළිබඳව ද නිදහසක් සමගි ජනබලවේගය පූර්ණ වශයෙන්ම ලබාදී ඇති අතර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව පූර්වාදර්ශ ලබාගත හැකි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙතක් සමගි ජනබලවේගය තුල වෙයි. ” යනුවෙනී.