counter hit xanga
October 26, 2021

පොහොර වෙනුවට කසල ගෙන කතා බොරු!

Last Updated on June 5, 2021 by Panduka Herath

විදේශ රටවල කසල කාබනික පොහොර ලෙස ගෙන එන්නට හදනවා යැයි කතාවක් පැතිරීම අමූලික බොරුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ කමිටුවක් පත් කර තිබේන බවත් පොහොර හිඟයක් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැති බවයි.

එළඹෙන මහා කන්නයේ සිට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට උත්සහ කරන බවද අමාත්‍යවරයා පෙන්වා දි තිබේ.

විදේශ රටවල කසල කාබනික පොහොර ලෙස ගෙන එන්නට හදනවා යැයි කතාවක් පැතිරීම අමූලික බොරුවක් බවත් මෙරටට විදේශයන්ගෙන් කාබනික පොහොර ආනයනය කරනවා නම් එලෙස ගෙන්වන්නේ ජීවානුහරණය කරන ලද ඉහළම ප්‍රමිතියෙන් යුතු පොහොර බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

“ලෝකයේ තිබෙන කුණු කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමේ ව්‍යාපාරික වුවමනාවක් තිබුණා දැයි සැකයක් තිබෙන,” බව ඊයෙ (04) මාධ්‍ය හමුවකට එක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් කර තිබුනා.

මෙම කාබනික පොහොර ආනයනය කිරීමෙන් රටේ ජීවී පද්ධතිය මෙන් ම ශාක පද්ධතිය ද විශාල අනතුරකට මුහුණ දීමේ අවදානමක් තිබෙන බවද ඔහු සදහන් කර තිබුනා.