Last Updated on April 21, 2021 by Desman Chathuranga
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ආණ්ඩුව අඛණ්ඩව පෙනී සිටින බවත් නැවත මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවන ආකාරයට ජාතික ආරක්ෂාව තහවුරු කරන බවත් අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාස්කු වින්දිතයින් සිහිපත් කර පහන් දැල්වීම සදහා එක්වුනා.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පිරිස සහ තුවාල ලැබූ පිරිස සිහිපත් කිරීම සදහා උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීම සහ පහන් දැල්වීම එහි දී සිදුවිය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කිරීමේ අවස්ථාව අද උදෑසන (21) අරලියගහ මන්දිරයේ සංවිධානය කර තිබිණි.
අග්‍රාමාත්‍යවරයා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුලු අමාත්‍යවරුන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියේ සාමාන්‍ය පරිදි රාජකාරියේ යෙදෙන අතරතුරයි.
රෙදි නැතුව ආ යුතු අය කළු ඇදගෙන එම..
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ 2019 පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ ඉහලම අමාත්‍යධුර දැරු නමුත් වගකිම් ඉටුනොකල පිරිසක් සම්පූර්ණයෙන්ම කළු ඇදුමින් සැරසී එක්ව සිටිම දෛවෝපගත සිද්ධියකි.
වතුකරයේ කිතුනු ජනතාවත් එක්වෙයි …
පාස්කු ප්‍රහාරය සිදු වි (21) දිනට වසර දෙකක් ගත විම නිමිත්තෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කර වතුකරයේ දේවස්ථාන කිහිපයකම (21) දින යාඥාවන් පවත්වනු ලැබුහ. විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක නිරතව විමෙන් පසු ඉටි පහන් දල්වා මිය ගිය අයට පින් අනුමෝදම් කරනු ලැබුහ.දේවස්ථාන වෙත පැමිණිමට නොහැකි කිතුනු බැතිමතුන් තම නිවාස වල රුපවාහිනිය නරඹමින් මිය ගිය අය සිහි කර පින් අනුමෝදම් කරනු ලැබුහ.
-හැටන් රංජිත් රාජපක්ෂ-
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!