Last Updated on June 1, 2021 by Panduka Herath
වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කරමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් චක්රලේඛයකින් නිකුත් කර තිබේ.
එම තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවත් නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ. නව නීතිපති සංජය රාජරත්නම් මහතා පත්විමත් සමග මෙම තීන්දුව ගෙන තිබේ.
ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන ) චේතිය ගුණසේකරගේ අත්සනින්න නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ සමබන්ධීකරණ නිලධාරිනිය ලෙස අධිනීතිඥ නිශාරා ජයරත්න පසුගිය වකවානුව තුළ කටයුතු කළ අතර ඇය එම තනතුරින් පසුගිය 24 වැනිදා ඉවත් වුනා.හිටපු නීතිපති දප්පුල ද ලීවේරා මහත ඉකුත් 2019 මැයි මස 21 වන දින නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනිය ලෙස නිශාරා ජයරත්න මෙනවිය පත්කර ගත්තා.

More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න