Last Updated on September 24, 2022 by Desman Chathuranga
අද රටේ තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්. කන්න බොන්න නෑ. ජනතාව දුකෙන් සිටිනවා. මේ වෙලාවේ රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් පත් කරලා එක් අයෙකුට ලක්ෂ 20 කට වැඩි මුදලක් නඩත්තු කරන්න කටයුතු කර තිබෙනවා. මේ මුදල් වලින් ජනතාවට කන්න දෙන්න, බෙහෙත් ගන්න ගොවියාට පෙහොර ගෙනත් පුළුවන්. යැයි කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වේළුසාමි රාධාක්‍රිෂ්ණන් පැවසීය.
මස්කෙළිය නඟරයේදී ඊයේ (18)දා පස්වරුවේ වතු නියෝජිතයින්ගේ හමුවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් රාධාක්‍රිෂ්ණන් එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද පැවසීය.
“හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක් ඡන්දේ ලබාගෙන තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්තුවේ ඇතුව රජයක් පිහිටෙව්වා.නමුත් එතුමාට වසර දෙකක් පාලනය කරගෙන යන්න බැරි වුණා. එතුමා ගනු ලැබූ සියළු තීන්දු තීරණ ජනතා විරෝධී තීන්දු බවට පත් වූණා.පෙහොර නැති කළා. ඩොලර් නැති කළා. මේ රටේ අනවශ්‍ය වියදම් කළා. කිසි කෙනෙකුගේ අදහසක් එතුමා ඇසුවේ නෑ. වත්මන් ජනාධිපති තුමාට 69 ලක්ෂයක් ඡන්දෙත් නෑ. කොළඹ ජනතාවගේ පමණක් ඡන්ද 25000 ක් පමණ ලැබුණා. ජාතික ලැයිස්තුවෙන් එතුමා බලයට ඇවිත් පොහොට්ටුවේ පිහිටෙන් අගමැති වුණා. හිටපු ජනාධිපතිතුමා රටෙන් පැනලා ගියාට පසුව රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය ලැබුණා. සියළුම ජනාධිපතිවරු නොකරපු විදිහට රනිල් මහත්තයා කරනවා කිව්වා.”
“අද රටේ තිබෙන්නේ අමුතු ප්‍රශ්නයක්. කන්න බොන්න නෑ. ජනතාව දුකෙන් සිටිනවා. මේ වෙලාවේ රාජ්‍ය ඇමතිවරු 37 දෙනෙක් පත් කරලා එක් අයෙකුට ලක්ෂ 20 කට වැඩි මුදලක් නඩත්තු කරන්න කටයුතු කර තිබෙනවා. කැබිනට් එකට තව ඇමතිවරු 12 ක් පත් කරන්න යන බව කියනවා. රට ආර්ථික වශයෙන් විශාල අර්භූදයක තිබියදී මොකටද මෙතරම් අනවශ්‍ය වියදමක් දරලා ජනතාව පිට තවත් බර පටවන්නේ. මේ මුදල් වලින් ජනතාවට කන්න දෙන්න, බෙහෙත් ගන්න ගොවියාට පෙහොර ගෙනත් පුළුවන්. එතුමා හිතාගෙන ඇති එතුමා අවාට පස්සේ පෝලිම් නෑ. මිනිසුන්ට කන්න බොන්න තිබෙනවා කියල. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසලා තිබෙනවා රටේ ජනතාවට පෝෂ්‍යදායි ආහාර නෑ කියල. තුන්වේල කන්න නෑ කියල. ළමයින් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා හිතන විදිහට මේ රට කරන්න බෑ. එතුමා කියන විදිහට කරනවා නම් අපි එය අගය කරනවා. නමුත් එසේ කරන්න අවස්ථාවක් නෑ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඒකෙන් ගොඩ නඟන්න කටයුතු කරන බව එතුමා කීවා. නමුත් කිසිම කෙනෙක් ඒ පැත්තට සහාය දෙන්න යන්නේ නෑ. මුලින් ගිය දෙදෙනා පමණයි. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට මුල් තැන දීලා කටයුතු කරන්න ඕන බව අපි අවධාරණය කරනවා.”
සටහන හා ඡායාරුප-මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?