counter hit xanga
February 4, 2023

මේ ගහන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට! VIDEO

Last Updated on June 25, 2021 by Desman Chathuranga

එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීමකට අනුව රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හරහා රට සහලින් ස්වයංපෝෂිතව තිබූ තත්ත්වය විනාශ වී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ හරහා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ද විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් දියත්ව ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

ඊයේ (24) කුරුණෑගල පඩුවස්නුවර ප්‍රදේශයේදි මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ කාබනික පොහොර පමණක් යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලොකයේ නොමැති බවයි.